Wednesday, November 05, 2025
Follow Us
වරාය අධිකාරිය සතු කොළඹ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ විශාල ප්‍රමාණයේ නැව් සඳහා වු පරීක්ෂණ මෙහෙයුම් ආරම්භ කරයි
වරාය අධිකාරිය සතු කොළඹ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ විශාල ප්රමාණයේ නැව් සඳහා වු පරීක්ෂණ මෙහෙයුම් ඊයේ (04) ආරම්භ කරනු ආරම්භ කළ බව වරාය සිවිල්ගුවන් සේවා අමාත්යාංශය සඳහන් කරයි.

 

බහාලුම් කටයුතු සිදු කළේ නාවික භාණ්ඩ ප්රවාහනයේ ප්රමුඛ සමාගමක් වන MSC නැව් සමාගමට අයත් MSC – MANASA ( මැන්සා ) සහ MSC – China නැව් යාත්රා දෙකෙහි බහාලුම් ගොඩබෑම සඳහායි.
 
නැගෙනහිර පර්යන්තයේ මේ වන විට අවසන් කර ඇති ඉදිකිරීම් පහසුකම් යොදා ගනිමින් වරකට යාත්රා දෙකක එකවර බහාලුම් කටයුතු සිදු කිරීමට හැකි වේ. එමෙන්ම මෙම ව්යාපෘතියේ නවීනතම තාක්ෂණ පහසුකම් අන්තර්ගත නිසා බහාලුම් කටයුතු සිදු කර තිබෙන්නේ ස්වයංක්රීය ලෙසයි.
 
පසුගිය රාජ්ය පාලන සමයේ නැගෙනහිර පර්යන්තය විදේශ සමාගමකට විකිණීමට ද යෝජනා වී තිබුණු අතර මේ වන විට බහාලුම් සඳහා ප්රධාන අවශ්යතාව වන ජැටිය මීටර් 900 ක් දක්වා ඉදිකර අවසන් කර තිබේ.
 
එම නිසා මීටර් 400 ක් සහ මීටර් 155 දිග මෙම නෞකා දෙකෙහි බහාලුම් ගොඩබෑම එක වර සිදු කිරීමට හැකි වී තිබෙන අතර දැනට නැගෙනහිර බහාලුම් පර්යන්තයේ 80% පමණ ඉදිකිරීම් කටයුතු නිම කර තිබේ.
 
මීටර් 18.20 ක් ගැඹුරු යාත්රා සඳහා මෙම පර්යන්තය යොදා ගැනීමට හැකි වේ.
 
නැගෙනහිර බහාලුම් පර්යන්තය රජය සතු විශාල සම්පතක් වන බැවින් ඉදිකිරීම් මන්දගාමීව පැවැති මෙම ව්යාපෘතියේ කටයුතු මෙම රජයේ මැදිහත්වීමනේ ගෙවූ වසරක කාලය තුළ වේගත් කිරීමට කටයුතු කළ බව අමාත්ය අනුර කරුණාතිලක මහතා පැවසීය.
ඒ අනුව මෙම ව්යෘතිය 2026 වසරේ අවසාන කාර්තුවේදී ඉදිකිරීම් කටයුකු අවසන් නියමිත බවත් එතෙක් අර්ධ වශයෙන් දිගටම බහාලුම් මෙහෙයුම් කටයුතු සිදු කරන බවත් අමාත්යවරයා පෙන්වා දුන්නේය.
 
ඉදිකිරීම් කටයුතු අවසන් වු පසු තවත් නැව් සමාගම් සඳහා නැගෙනහිර ජැටිය යොදා ගැනීමට ඉල්ලිම් කිරීමට සහ MSC නාවික සමාගම සහ වරාය අධිකාරිය අතර ඇති සබඳතා වැඩි දියුණු කර ගැනීමටත් හැකියාව ලැබෙන බව ද අමාත්යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම විශේෂ අවස්ථාවට වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්ය අනුර කරුණාතිලක මහතා, ශ්රී ලංකා වරාය අධිකාරියේ සභාපති අද්මිරාල් S.S. රණසිංහ මහතා, කළමණාකාර අධ්යක්ෂ ගණක හේමචන්ද්ර මහතා ඇතුළු ජ්යෙෂ්ඨ නිලධාරීන්හු මේ අවස්ථාවට එක්ව සිටියහ.