ජපාන රජයේ මූල්යමය හා තාක්ෂණික සහාය සහ ජපාන වෙරළාරක්ෂක බලකායේ විශේෂඥ සහාය යටතේ මත්ද්රව්ය සහ අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය විසින් 'ඉන්දු - පැසිෆික් කලාපයේ සමුද්ර ආරක්ෂාව සහ සාගර නීතියේ ආධිපත්යය ශක්තිමත් කිරීම' යන ව්යාපෘතිය 2024 වර්ෂයේ සිට ක්රියාත්මක කරනු ලබයි.
එම ව්යාපෘතිය යටතේ ශ්රී ලංකා නාවික හමුදාවට 'Congnyte SI2' චන්ද්රිකා සන්නිවේදන අන්තර්නිරෝධන පද්ධතිය ලබා දීමට එකඟතාව පළ කරනු ලැබ ඇත.
ත්රස්තවාදී ක්රියාකාරකම්, සංවිධානාත්මක අපරාධ, මත්ද්රව්ය ජාවාරම් සහ වෙනත් බරපතල නීතිවිරෝධී ක්රියාකාරකම් වැළැක්වීම, මැඩපැවැත්වීම සහ එම ක්රියාකාරකම්වලට බාධා කිරීම තුළින් ශ්රී ලංකා නාවික හමුදාවේ සමුද්රීය ආරක්ෂක කටයුතු වැඩිදියුණු කිරීම එමඟින් අපේක්ෂා කරනු ලැබේ.
එමෙන්ම, ඒ තුළින් කලාපීය සහ ජාත්යන්තර සමුද්රීය ආරක්ෂක මුලපිරීම් සඳහා ශ්රී ලංකාවේ දායකත්වය ශක්තිමක් කළ හැකි වනු ඇත.
එකී පද්ධතිය මෙරටට ලබා ගැනීම සඳහා මත්ද්රව්ය සහ අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය සහ ආරක්ෂක අමාත්යාංශය අතර අවසාන පරිශීලක සහ භාර දීමේ ගිවිසුම අත්සන් තැබීම පිණිස ආරක්ෂක අමාත්ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.