Monday, February 02, 2026
Follow Us
රාජ්‍ය සේවයට 8547 ක් බඳවා ගැනීමට අනුමැතිය

රාජ්‍ය සේවයේ බඳවාගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනය කරමින් අවශ්‍යතා ,ප්‍රමුඛතා හා කාලරාමු හඳුනාගෙන ඒ් ආශ්‍රිතව අත්‍යවශ්‍යයෙන්ම සිදු කළ යුතු බඳවාගැනීම් ප්‍රමාණයන් සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් නිළධාරී කමිටුවක් පත් කීරීමට අනුමැතිය ලැබිණි.

ඒ් අනුව ඒ ඒ අමාත්‍යාංශ විසින් එම අමත්‍යාංශ යටතේ පවතින දෙපාර්තුමේන්තු සහ අනෙකුත් ආයතනවල පවතින තනතුරු පුරප්පාඩු සම්පූර්ණ කරීම සඳහා ඉදිරිපත් කරන ලද ඉල්ලීම් සැලකිල්ලට ගෙන කමිටු රැස්වීමේ දී කරන ලද නිර්දේශ අනුව බඳවා ගැනීම් සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.