Monday, May 05, 2025
Follow Us
”මුප්පනේ රටේරාළ උදාගම්මානය” ජූනි 02 ජනතා අයිතියට

මොනරාගල දිස්ත්‍රික්කය, මාරාව ග්‍රාමසේවා වසමේ ඉදි වූ මුප්පනේ රටේරාළ උදාගම්මානය ජූනි 02 වන දින පෙ.ව 8.00 ට නිවාස,ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ සුරතින් ජනතා අයිතියට පත්කිරීමට නියමිතය.

නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ 2025 සැමට සෙවණ උදාගම්මාන 20,000 සංකල්පය යටතේ ඉදිවන 196 වන උදාගම්මානය මෙයයි.

මෙම ආදර්ශ ගම්මානයේ පවුල් 23ක් වෙත නිවාස හිමිකම් ලබදීම,සංවර්ධිත බිම් කොටස් 23ක හිමිකම් ලබාදීම,ප්‍රතිලාභීන් 150ක් වෙත විසිරි ණය චෙක්පත් ප්‍රදානය ඇතුළු වැඩසටහන් රැසක් මෙයට සමගාමීව ක්‍රියාත්මක කෙරේ.

(LNC)