Monday, February 02, 2026
Follow Us
නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක් පත් කෙරේ

නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ලෙස ඉංජිනේරු එල්. කුමුදු ලාල් බෝගහවත්ත මහතා පත් කර ඇත.

මීට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ඒ මහතා වෙත භාර දෙන ලදී.

මෙම නව පත්වීම ප්‍රදානය කරන අවස්ථාව වන විට, එල්. කුමුදු ලාල් බෝගහවත්ත මහතා නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියේය.

ජනාධිපතිවරයා විසින් පසුගිය දා සිදුකරන ලද අමාත්‍ය මණ්ඩල සංශෝධනයට අනුව නිවාස, ඉදිකිරිම් සහ ජල සම්පාදන අමාත්‍යවරයා ලෙස වෛද්‍ය එච්.එම්. සුසිල් රණසිංහ මහතා පත් කළේය. ඒ අනුව මෙම නව පත්වීම සිදු කර තිබේ.