ස්වභාවික ආපදාවලින් වාසස්ථාන අහිමි වු වැවිලි ප්රජාව සඳහා නව නිවාස ලබා දීමේ වැඩසටහන 2027-12-31 දක්වා ක්රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබි තීබේ.
ස්වභාවික ආපදා තත්ත්වයන් හේතුවෙන් තාවකාලික නිවාසවල දීර්ඝකාලීනව පදිංචිව සිටින 3,250ක් පමණ වන වතු පවුල්, අදියර කිහිපයකින් යුත් සැලැස්මක් යටතේ සුරක්ෂිත ස්ථානයන්හි නැවත පදිංචි කරවීම අරමුණු කර ගනිමින් ‘ස්වභාවික ආපදාවලින් වාසස්ථාන අහිමි වූ වැවිලි ප්රජාව සඳහා නව නිවාස ලබා දීමේ වැඩසටහන’ 2025 වර්ෂයේදී ආරම්භ කර තිබේ.
එම වැඩසටහන 2025‑2027 කාලසීමාව තුළ ක්රියාත්මක කිරීමට බලාපොරොත්තු වන අතර, එම කාලසීමාව තුළ නව නිවාස ඒකක 1,400ක් ඉදි කර ප්රතිලාභී පවුල් පදිංචි කිරීමට සැලසුම් කර ඇත.
වැඩසටහන සඳහා වන සමස්ත පිරිවැය රුපියල් මිලියන 4,500ක් වන අතර, 2025 වර්ෂය සඳහා රුපියල් මිලියන 1,300ක ප්රතිපාදන වෙන් කර ඇත.
මේ වන විට එම වැඩසටහන යටතේ බදුල්ල, කෑගල්ල, නුවරඑළිය, රත්නපුර, මහනුවර, මාතලේ, කොළඹ, කළුතර, මාතර සහ මොනරාගල යන දිස්ත්රික්කවල සුදුසුකම්ලත් ප්රතිලාභී වතු පවුල් 495ක් සඳහා නිවාස ඉදිකිරීම සිදු කෙරෙමින් පවතී.
මෙම වැඩසටහන යටතේ ආවරණය නොවන ඉතිරි පවුල් සඳහා ද නිවාස ඉදිකිරීම සඳහා විදේශ ආධාර සලසා ගැනීම පිණිස වැවිලි සහ ප්රජා යටිතල පහසුකම් අමාත්යාංශය විසින් මේ වන විට පියවර ගනිමින් සිටී.
ඒ අනුව, ස්වභාවික ආපදාවලින් වාසස්ථාන අහිමි වූ වැවිලි ප්රජාව සඳහා නව නිවාස ලබා දීමේ වැඩසටහන 2027‑12‑31 දින දක්වා ක්රියාත්මක කිරීම සහ මධ්යකාලීන අයවැය රාමුව තුළ ඒ සඳහා අවශ්ය ප්රතිපාදන සලසා ගැනීම පිණිස වැවිලි සහ ප්රජා යටිතල පහසුකම් අමාත්යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.