Monday, October 13, 2025
Follow Us
බස්නාහිර පළාත් නාගරික ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ප්‍රධාන සැලැස්මකට අනුමැතිය
බස්නාහිර පළාත් නාගරික ඝන අපද්රව්ය කළමනාකරණ ප්රධාන සැලැස්ම ක්රියාත්මක කිරීමට අමාත්ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

 

සංවර්ධනය වෙමින් පවතින බොහෝ රටවල මෙන් ම ශ්රී ලංකාවේ ද නාගරික ඝන අපද්රව්ය කළමනාකරණය අභියෝග හා දුෂ්කරතා රැසකට මුහුණ දෙමින් සිටී. මෙම තත්ත්වයට වඩා ඵලදායී අයුරින් පිළියම් යෙදීම පිණිස අදාළ නාගරික අපද්රව්ය සුරක්ෂිත, තිරසර හා පරිසර හිතකාමී අන්දමින් රැස් කර, පිරියම් කර, බැහැර කිරීම සඳහා නාගරික අපද්රව්ය කළමනාකරණ ප්රධාන සැලසුමක් සකස් කිරීම කෙරෙහි අවධානය යොමු කරනු ලැබ ඇත.
 
ඒ අනුව, 2019-10-01 දින අමාත්ය මණ්ඩලය විසින් අනුමත කරන ලද ජාතික අපද්රව්ය කළමනාකරණය ප්රතිපත්තිය ද සැලකිල්ලට ගනිමින් බස්නාහිර පළාත් නාගරික ඝන අපද්රව්ය කළමනාකරණය පිළිබඳ ප්රධාන සැලැස්ම සකස් කිරීම සඳහා වූ ව්යාපෘතියක් ජපාන ජාත්යන්තර සහයෝගිතා නියෝජිතායතනය සහ ශ්රී ලංකා රජය අතර අත්සන් කරනු ලැබ ඇති අවබෝධතා ගිවිසුමක් හරහා ක්රියාත්මක කොට තිබේ. එකී ව්යාපෘතිය මඟින් සියලුම පාර්ශ්වකාර ආයතනවල සම්බන්ධීකරණයෙන් යුුතුව අදාළ ප්රධාන සැලැස්ම සකස් කොට ඇත.