Monday, February 02, 2026
Follow Us
අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

ළමයින් සම්බන්ධයෙන් ශාරීරිකව දඬුවම් කිරීම සම්බන්ධව දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය සඳහා වන පනත් කෙටුම්පත කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය මඟින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.

මෙම යෝජිත සංශෝධනයට අදාළ පාර්ලිමේන්තුවේ කටයුතු අවසන් වීමෙන් පසුව එයට අදාළව ලබා දිය යුතු උපදෙස්/මාර්ගෝපදේශ වන්නේ නම් ඒවා පාසල් වෙත නිකුත් කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.