Monday, February 02, 2026
Follow Us
එප්පාවල, ගිරිබාව, රාජාංගනය හා නොච්චියාගම ඒකාබද්ධ ජල සැපයුම් ව්‍යාපෘතියේ ක්‍රියාත්මක කිරීමට අනුමැතිය
එප්පාවල, ගිරිබාව, රාජාංගනය සහ නොච්චියාගම ඒකාබද්ධ ජල සැපයුම් ව්යාපෘතිය - අදියර I, 2026‑2029 කාලසීමාව තුළ ක්රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
අනුරාධපුර දිස්ත්රික්කයේ සහ කුරුණෑගල දිස්ත්රික්කයේ මායිම් ප්රදේශවල නිදන්ගත වකුගඩු රෝගයේ ව්යාප්තියට විසඳුමක් ලෙස එප්පාවල, ගිරිබාව, රාජාංගනය සහ නොච්චියාගම ඒකාබද්ධ ජල සැපයුම් ව්යාපෘතිය ආරම්භ කිරීමට තීරණය කර ඇත. එම ව්යාපෘතිය යටතේ ප්රාදේශීය ලේකම් කොට්ඨාස 09ක ග්රාම නිලධාරි වසම් 134ක් ආවරණය කිරීමට මූලිකව සැලසුම් කර ඇති අතර, බලපෑමට ලක්ව ඇති ප්රදේශවල පවතින සෞඛ්ය අවදානම සහ ආරක්ෂිත පානීය ජලය නොමැතිකම සැලකිල්ලට ගෙන, එප්පාවල, ගිරිබාව, රාජාංගනය සහ නොච්චියාගම ඒකාබද්ධ ජල සැපයුම් ව්යාපෘතිය - අදියර I ලෙස ප්රතිව්යූහගත කර තිබේ.