Monday, February 02, 2026
Follow Us
 අතරමඟ නවතා ඇති සෞඛ්‍ය ව්‍යාපෘති 17ක් යළි ආරම්භ කිරීමේ තීරණයක්
 සෞඛ්ය යටිතල පහසුකම් ව්යාපෘති නැවත ආරම්භ කිරීමට පියවරකොවිඩ් 19 වසංගතය සහ ඊට පසුව හට ගත් ආර්ථික අර්බුදය හේතු කොට ගෙන සෞඛ්ය සේවා ආයතනවල ක්රියාත්මක වෙමින් පැවති සංවර්ධන ව්යාපෘති 33ක් අත්හිටවනු ලැබ ඇත.

 

දැනට පවතින සෞඛ්ය සේවා යටිතල පහසුකම් සහ වැඩි වන සේවා ඉල්ලුම පිළිබඳ තත්ත්වය සැලකිල්ලට ගැනීමේදී එම ව්යාපෘති නිසි පරිදි සම්පූර්ණ කිරීම අත්යවශ්යව තිබේ.
 
එකී ව්යාපෘති අතරින් ව්යාපෘති 17ක් නැවත ආරම්භ කිරීමට පෙර ව්යාපෘති අත්හිටුවීම සහ උද්ධමන තත්ත්වය මත ඉදිකිරීම් ද්රව්ය හා ශ්රම උපයෝජනය සඳහා වන පිරිවැය ඉහළයාම හේතුවෙන් අදාළ ව්යාපෘතිවල මුළු පිරිවැය ඇස්තමේන්තු සහ ව්යාපෘති කාලරාමු සංශෝධනය කළ යුතු බව හඳුනා ගනු ලැබ ඇත.
 
ඒ අනුව, ඉහළ මට්ටමේ ස්ථාවර ප්රසම්පාදන කමිටුව විසින් ලබා දී ඇති නිර්දේශ මත පදනම්ව එකී ව්යාපෘතිවල මුළු පිරිවැය ඇස්තමේන්තු සංශෝධනය කිරීමට සහ ව්යාපෘති කාලසීමා දීර්ඝ කිරීමට සෞඛ්ය සහ ජනමාධ්ය අමාත්යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.