Thursday, January 08, 2026
Follow Us
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුනු අයට පණිවුඩයක්

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු මේ වනවිට අවසන් කර ඇති බව නියෝජ්‍ය තැපැල්පති රාජිත කේ රණසිංහ පවසයි.

නියෝජ්‍ය තැපැල්පතිවරයා පැවසුවේ ඒ අනුව මේ වන විට නිල ඡන්ද දැන්වීම් ප්‍රතිකා 97%ක ප්‍රමාණයක් බෙදා හැර ඇති බවයි.

මෙතෙක් නිල ඡන්ද දැන්වීම් ප්‍රතිකාව තමන් වෙත නොලැබුණු අයෙක් වේ නම් රාජකාරි වේලාව තුළ තමන්ට ලිපි ලැබෙන තැපැල් කාර්යාලය වෙත පැමිණ එය ලබා ගත හැකි.

 එය මැතිවරණය පැවැත්වෙන දින දක්වාම ක්‍රියාත්මක බවත් නියෝජ්‍ය තැපැල්පති රාජිත කේ රණසිංහ පවසයි.