Thursday, February 12, 2026
Follow Us
මහින්ද හා බැසිල්ට රටින් යන්න තහනම්

අයියා මලෝ දෙන්නාට අධිකරණයෙන් නියෝගයක්


හිටපු අගමැතිවරයකු වන මහින්ද රාජපක්ෂ,හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ යන යට මෙම මස (28) වැනිදා දක්වා විදේශ ගතවීම වලක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝගයක් නිකුත් කර ඇත.

වත්මන් ආර්ථික අර්බුදයට වගකිවයුතු පුද්ගලයින්ට එරෙහිව විමර්ශනයක් සිදු කරන්නැයි නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සමකට අදාළ මෝසමක් අද (15) කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරිණි.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ සහ එල්.ටී.බී.දෙහිදෙනිය යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය දී තිබේ.

Aruna