Monday, February 02, 2026
Follow Us
නාලක ද සිල්වාට ඇප

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ ප්‍රධානී හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා මහතාට ඇප ලබා දීමට කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා අද නියෝග කළේය.

මුදලින් රුපියල් 25000 ක් සහ ලක්ෂ 5 ශරීර ඇප දෙකක්ද නියම කෙරිණි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු ඝාතනය කිරීමට සැළසුම් කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මොහු අත්අඩංගුවට ගෙන රක්සිත බන්ධනාගාරගත කර සිටියේය.

(Lanka Leads)