Wednesday, April 29, 2026
Follow Us
කොරෝනා මර්දන එන්නතේ දෙවන මාත්‍රාව සිංහල අවුරුද්දෙන් පසු

ඉන්දියාවේ නිෂ්පාදිත ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොරෝනා මර්දන එන්නතේ පළමු මාත්‍රාව මුලින්ම ලබාගත් මෙරට පුද්ගලයින්ට එහි දෙවන මාත්‍රාව සිංහල අලුත් අවුරුදු සමයෙන් අනතුරුව ලබාදීමට හැකි වනු ඇතැයි සෞඛ්‍ය අංශ පවසනවා. නෙත් නිවුස් කළ විමසීමකදී නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් මහජන සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවසුවේ ඒ සඳහා අවශ්‍ය එන්නත් තොග නුදුරේදීම ශ්‍රී ලංකාවට ලැබෙනු ඇති බවයි.


මෙම මස අවසානය වනවිට කොවැක්ස් පහසුකම යටතේ ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් එන්නත් දෙලක්‍ෂ 64,000 ක් ලබාදීමට නියමිත බව වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ඊයේ ප්‍රකාශ කළා.

(Neth)