Monday, February 02, 2026
Follow Us
ආණ්ඩුවට එරෙහිව විශ්වාස භංගයක් ගෙන්න ඕනෑ - මන්ත්‍රි දුමින්ද කියයි

අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ට එරෙහිව කතානායකවරයා වෙත භාරදුන් විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් අද (16) ස්ථාන කිහිපයකදී අදහස් පළ වුණා.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක පැවසුවේ මෙම විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් සිය ස්ථාවරය තවමත් තීන්දු කර නොමැති බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගමද අද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. ඔහු පැවසුවේ රිෂාඞ් බදියුදීන් අමාත්‍යවරයාට පමණක් නොව මුළු ආණ්ඩුවටම එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙනආ යුතු බවයි.

මේ අතර අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ට එරෙහිව කතානායකවරයා වෙත අද භාරදුන් විශ්වාසභංග යෝජනාවට මන්ත්‍රීවරුන් 66 දෙනෙකු අත්සන් කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පැවසුවා. මෙම විශ්වාසභංග යෝජනාවෙන් රිෂාඞ් බදියුදීන් අමාත්‍යවරයාට චෝදනා 10 ක් ගොණුකර ඇති බවයි වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ. ඉදිරියේදී අමාත්‍ය මංගල සමරවීරට එරෙහිවද විශ්වාසභංග යෝජනාවක් ගෙනඒමට අදහස් කරන බවද මන්ත්‍රීවරයා මෙහිදී කියාසිටියා.

(Neth)