පොළොන්නරුව - හබරණ ප්රධාන මාර්ගයේ මින්නේරිය ප්රදේශයේදී, අද (10) අලුයම 4.45ට පමණ මැදිරිගිරියේ සිට කොළඹ බලා ධාවනය වුණු පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ඇළකට පෙරළීමෙන් අනතුරක් සිදුව තිබේ.
බස් රථය පෙරළීමෙන් අනතුරට ලක්වූ 20 දෙදෙනෙකු හබරණ සහ හිඟුරක්ගොඩ රෝහල්වලට ඇතුළත් කළ බව මින්නේරිය පොලීසිය පවසයි.