Thursday, July 23, 2026
Follow Us
වත්තල සාදයකදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

වත්තල පොලිස් වසමේ කදිරාන පල්ලියවත්ත ප්‍රදේශයේ උත්සව ශාලාවක අද (23) පැවැති සාදයක් අතරතුර සිදුවූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙන බව පොලීසිය සඳහන් කරයි.

කාර් රථයකින් පැමිණි බවට සැකකෙරෙන නාඳුනන පුද්ගලයෙකු විසින් මෙම ප්‍රහාරය එල්ල කර පලාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය පුද්ගලයා බොරැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 39 හැවිරිදි පුද්ගලයෙකි.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙපිරිසක් අතර පැවැති ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවට පොලිසිය සැක කරයි.

මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වත්තල පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි.