මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ප්රචණ්ඩකාරී තත්ත්වය තුළ මිය ගිය පිරිස 25 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි.
මෙම ගැටුම හේතුවෙන් 100කට ආසන්න පිරිසක් තුවාල ලබා මීගමුව මහ රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ අතරින් බරපතළ තත්ත්වයේ පසු වූ 13දෙනෙකු කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යවා තිබෙන බවයි වාර්තා වන්නේ.
ඒ අතර මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් වෙනත් බන්ධනාගාර වෙත යැවීම සඳහා යුද්ධ හමුදා විශේෂ බලකාය ඇතුළු ආරක්ෂක අංශවල සහාය ද ලබා ගෙන තිබේ.