50 වැනි ජාතික මහා ක්රීඩා උලෙළේ පාපැදි පිරිමි තරගයේ ජය වාර්තා කිරීමට බස්නාහිර පළාතේ අවිශ්ක මැඩෝන්සා සමත් වුණා. එහි කාන්තා තරගයේ ජය හිමි කර ගත්තේ, වයඹ පළාතේ දිනේෂ් දිල්රුක්ෂි විසින්.
පළාත් 9 ම නියෝජනය කරමින් ක්රීඩක ක්රීඩිකාවන් මීට එක්ව සිටියා. පිරිමි තරගය, ක්රීඩා අමාත්යාංශය ඉදිරිපිටින් ආරම්භ වී මහරගම දක්වා ප්රදර්ශන තරගයක් ලෙස පැවති අතර, අනතුරුවයි, නිල තරගය ආරම්භ කෙරුණේ. කාන්තා තරගය ද අමාත්යාංශය ඉදිරිපිටින් ආරම්භ වී නුගේගොඩ දක්වා ප්රදර්ශන තරගයක් ලෙස පැවැත්විණි.
ඉන් අනතුරුවයි, ඔවුන්ගේ නිල තරගය ආරම්භ වුණේ, පිරිමි තරගය කිලෝමීටර 165 යි දශම 6 ක දුරකින් සමන්විත වුණා. කාන්තා තරගයේ දුර ප්රමාණය කිලෝමීටර 71 දශම 5 ක්. කාන්තා තරගයේ ජය හිමි කර ගත් වයඹ පළාතේ දිනේෂ් දිල්රුක්ෂි තරගය අවසන් කළේ, පැය 2 යි මිනිත්තු 16 යි තප්පර 3 ක කාලයක් වාර්තා කරමින්. එහි දෙවැනි ස්ථානය වයඹ පළාතේ සුදාරිකා ප්රියදර්ශනී හිමි කර ගත් අතර, බස්නාහිර පළාතේ ආකාශා සඳමිනී එහි තෙවැනි ස්ථානය හිමි කර ගෙන තිබේ.
පිරිමි තරගය ජය ගත් බස්නාහිර පළාතේ අවිශ්ක මැඩොන්සා තරගය අවසන් කළේ, පැය 3 යි මිනිත්තු 56 යි තප්පර 26 ක කාලයකින්. එහි දෙවැනි ස්ථානය බස්නාහිර පළාතේ ප්රභාෂ් මධුශංක හිමි කර ගත් අතර, තෙවැනි ස්ථානය වයඹ පළාතේ සඳරුවන් පිංතුට හිමි විය. මෙවර ජාතික මහා ක්රීඩා උලෙළේ පාපැදි කණ්ඩායම් ශූරතාව දිනා ගත්තේ, බස්නාහිර පළාතයි.