Monday, July 06, 2026
Follow Us
ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 61,060 ක් දක්වා ඉහළට
දිවයිනේ අද වන විට වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්යාව 61,060 දක්වා ඉහළ ගොස් තිබෙන බව සෞඛ්‍ය අංශ වාර්තා පෙන්වා දෙයි.
 
ඩෙංගු මරණ සංඛ්යාව ද 39 දක්වා ඉහළ ගොස් ඇති ඇති අතර දිවයිනේ ඩෙංගු අධි අවදානම් මහජන සෞඛ්ය පරීක්ෂක බලප්රදේශ 142 ක් හඳුනාගෙන තිබේ.
 
වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්යාවක් බස්නාහිර පළාතේන වාර්තා වන අතර එය දිවයිනේ සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්යාවෙන් 52%ක් වේ.
 

බස්නාහිර පළාත් විශේෂ ඩෙංගු අවධානම් කලාප 22ක් හඳුනාගෙන එම ප්‍රදේශවල ඩෙංගු මර්දන විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම ඊයේ (05) සිට ආරම්භ කර තිබේ.