දැඩි සත්කාර ඒකක ප්රධාන රෝහල්වලට පමණක් සීමා නොවී ඉන් ඔබ්බට ද ව්යාප්ත විය යුතු බවත්, මෙරට සෑම අසාධ්ය රෝගියෙකුට ඔවුන්ගේ තරාතිරම කුමක් වුවත් නිසි ප්රතිකාර ලබාදිය යුතු බව සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය පවසයි.
අමාත්යවරයා මේ බව සඳහන් කළේ පසුගියදා කොළඹ ගලදාරි හෝටලයේ දී පැවති ශ්රි ලංකා දැඩි සත්කාර විශේෂඥයින්ගේ විද්යාලයේ (Ceylon College of Critical Care Specialists) දෙවන වාර්ෂික විද්යාත්මක සැසියේදීය.
ශ්රි ලංකා දැඩි සත්කාර විශේෂඥයින්ගේ විද්යාලයේ දෙවන වාර්ෂික විද්යාත්මක සැසියේ මෙවර තේමාව වුයේ “ඔරොත්තු දීමේ හැකියාව බලගැන්වීම - තාක්ෂණය සහ අනුකම්පාව තුළින් තීරණාත්මක සත්කාර දියුණු කිරීම” (Empowering Resilience - Advancing Critical Care through Technology and compassion) යන්නයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්යවරයා සඳහන් කළේ මෙවර වාර්ෂික විද්යාත්මක සැසිවාරය සඳහා නූතන යුගයට ගැලපෙන කාලෝචිත තේමාවක් යොදා ගැනිම සම්බන්ධව සිය ප්රසාදය පළ කරන බවයි.
COVID-19 වසංගතය හමුවේ දැඩි සත්කාර සේවාවේ වැදගත්කම ඉහළින්ම ඉස්මතු වූ බවත්, තිරය පිටුපස සැබෑ වීරයන් ලෙස සෞඛ්ය සේවාව සතු සම්පත් කළමනාකරණය කරගනිමින් ජීවිත බේරා ගැනීම සඳහා දැඩි පීඩනයක් යටතේ දිගු වේලාවක් සේවා සැපයිමට දැඩි සත්කාර ක්ෂේත්රයේ විශේෂඥයින් කටයුතු කළ බව ද අමාත්යවරයා මෙහිදී සිහිපත් කළේය.
මෙරට සෞඛ්ය සේවාවේ ශක්තිමත්භාවය උදෙසා දේශීය සහ විදේශීය පුහුණුව ලත් වෛද්යවරුන්, මනා පුහුණුව ලත් හෙදියන් සහ සම සෞඛ්ය වෘත්තිකයන් ඇතුළු සෞඛ්ය කාර්ය මණ්ඩලයකින් යුක්තව සිටීම අතිශය වැදගත් වූ බව මෙහිදී අමාත්යවරයා සඳහන් කළේය.
පුහුණුව සහ උපදේශනය සඳහාත්, ප්රමිතීන් හැඩගැස්වීම, මාර්ගෝපදේශ සංවර්ධනය කිරීම සහ සැමට සදාචාරාත්මක, සාධාරණ සහ විද්යාත්මකව රැකවරණය සහතික කිරීමට ශ්රි ලංකා දැඩි සත්කාර විශේෂඥයින්ගේ විද්යාලයේ උත්සාහයන් ඇගයීමට ලක් කරන බව ද අමාත්යවරයා මෙහිදී පැවසී ය.