ජාතික විදුලිබල පද්ධතියට විදුලි මෙගාවොට් 5ක ධාරිතාවයක් එකතු කරන නව සූර්ය විදුලි බලාගාරයක් බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා විවෘත කෙරිණි.
කුරුණෑගල හිරිපිටිය ප්‍රදේශයේ අක්කර 20ක භූමි භාගයක් පුරා විහිදුණු මෙම සූර්ය බලාගාරය පෑන් ඒෂියන් පවර් පුද්ගලික සමාගමේ අනු සමගමක් වන PAP MPHL Solar Pvt. Ltd මඟින් ක්‍රියාත්මක කෙරේ.
“බලශක්ති ක්ෂේත්‍රයේ රාජ්‍ය හිමිකාරීත්වය සුරකින අතරම විශේෂයෙන් විදුලි ජනනයේදී පුද්ගලික අංශයේ ආයෝජන පිළිගනිමින් හා දිරිමත් කරමින් කටයුතු කිරීම අපේ රජයේ වැඩපිළිවෙළයි නිල ආරම්භක උත්සවය අමතමින් බලශක්ති අමාත්‍යවරයා පැවසීය.
භූමිය මත සවිකළ සූර්යපැනල පද්ධති ක්‍රමවේදය භාවිත කෙරෙන මෙම සූර්ය බලාගාරයෙන් වසරකට ගිගාවොට් පැය 10ක විදුලි නිෂ්පාදනයක් සිදු කෙරෙන අතර, ඒ අනුව වසරකට ඩීසල් ලීටර් මිලියන 3.3ක් සදහා වසරකට වැයවන ඇමරිකානු ඩොලර් මිලියන 3.3ක හෙවත් රුපියල් බිලියනයක පමණ විදේශීය විනිමය ඉතිරිකර ගැනීමට හැකි වේ යැයි අපේක්ෂිතය.
මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති ඇතුළු පිරිසක් සහභාගී වූහ.