Thursday, May 29, 2025
Follow Us
පොල්ගොල්ලේ වාන් දොරටු 3ක් විවෘත කරයි

පවතින වර්ෂාව හමුවේ අද (28) අලුයම පොල්ගොල්ල මහවැලි වේල්ලේ වාන් දොරටු 03ක් අඟල් 18 බැගින් විවෘත කිරීමට පියවර ගෙන තිබේ.

පොල්ගොල්ල මහවැලි වේල්ල කාර්යභාර ඉංජිනේරු කාර්යාලය පැවසුවේ ඇතිවිය හැකි ගංවතුර තත්ත්වය පාලනය සඳහා මෙලෙස වාන් දොරටු විවෘත කළ බවය.

මේ හේතුවෙන් තප්පරයට ඝණ අඩි 4500ක ජල ධාරිතාවක් වික්ටෝරියා ජලාශයට මුදා හැරෙයි