Friday, May 30, 2025
Follow Us
 හිටපු අමාත්‍යවරුන් මහින්දානන්දට සහ නලින්ට බරපතල වැඩ සහිත සිරඳඩුවම්

හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට වසර 20ක් සහ ස.තො.ස ආයතනයේ හිටපු සභාපති සහ හිටපු වෙළෙඳ ඇමති නලින් රුවන්ජීව ප්‍රනාන්දුට වසර 25ක බරපතල වැඩ සහිත සිර දඩුවම් නියම කෙරිණි.

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ ස.තො.ස ආයතනය හරහා කැරම් බෝඩ් 14,000ක් සහ දාම් ලෑලි 11,000ක් මිලදීගෙන ක්‍රීඩා සංගම්වලට බෙදා දීම තුළින් රජයට රුපියල් මිලියන 53ක පාඩුවක් සිදුකළේ යැයි චෝදනා ලබා සිටි මෙම දෙදෙනා එම චෝදනාවලට වරදකරු කරන බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල වරදකරු කළේය.

මෙම නියෝගය මහාධිකරණ විනිසුරුවරුන්වන සභාපති විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි, ප්‍රදීප් අබේරත්න ඇතුළු ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් ප්‍රකාශයට පත් කළේය. නියෝගය ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඩුල්ල පවසා සිටියේ විත්තිකරුවන්ට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබු චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කර ඇති බවයි.

අල්ලස් පනතේ 70වැනි වගන්තිය යටතේ විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා මෙම නඩුව ගොනු කර තිබුණි.