Saturday, July 27, 2024
Follow Us
ඉදිරි පැය 24ට මුහුදු කාලගුණය
ඉදිරි පැය 24 ට දිවයින වටා වන මුහුදු ප්රදේශ සඳහා කාලගුණ නිවේදනයක් නිකුත් කර තිබේ.
 
ඒ අනුව,
 
වැසි තත්ත්වය:
මන්නාරම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්රදේශවලවිටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවල තද වැසිද ඇති විය හැක. දිවයින වටා වන සෙසුමුහුදු ප්රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
සුළඟ:
දිවයින වටා වන මුහුදු ප්රදේශවලසුළං නිරිත දෙසින් හමා එයි.
මන්නාරම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්රදේශවල සුළගේ වේගය පැ.කි.මී. (40-50) පමණ වන අතර සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (60-70) දක්වා වැඩි විය හැක.
දිවයින වටා වන සෙසු මුහුදු ප්රදේශවලසුළං වේගය පැ.කි.මී. (30-40) පමණ වන අතර සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-60) දක්වා වැඩි විය හැක.
මුහුදේ ස්වභාවය:
කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්රදේශ විටින් විට ඉතා රළු වේ. මෙම මුහුදු ප්රදේශයට නැවත දැනුම්දෙන තුරු යාත්රා නොකරන ලෙස නාවික සහ ධීවර ප්රජාවන්ට දැනුම්දෙනු ලැබේ.
මන්නාරම සිට කල්පිටිය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්රදේශ විටින් විට රළු වේ. මේ පිළිබඳ සිය අවධානය යොමු කරන ලෙස ධීවර හා නාවික ප්රජාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.
මන්නාරම සිට කල්පිටිය, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්රදේශවල මුහුදු රළ උස මීටර් (2.5 – 3.0) ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතී. ( මෙය ගොඩබිමට එන රළ උස නොවේ )
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.