Wednesday, September 16, 2026
Follow Us
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකයේ ඉදිකිරීම් ඇරඹේ
දියුණු වන මන්නාරම දිස්ත්රික්ක තුළ ඉහළ සෞඛ්ය සේවාවක් සහතික කිරීමට මෙම ව්යාපෘතිය ඉවහල් වෙනවා
-සෞඛ්ය සහ ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා
මන්නාරම දිස්ත්රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්රතිකාර ඒකකයේ ඉදිකිරීම් කටයුතු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් අද (16) පෙරවරුවේ ආරම්භ කෙරිණි.
මන්නාරම ජනතාවගේ සෞඛ්ය පහසුකම් තවදුරටත් පුළුල් කරමින් ඉන්දීය රජයේ ප්රදානයකට අනුව රුපියල් මිලියන 600ක වියදමින් ඉදි කිරීමට නියමිත මෙම හදිසි අනතුරු සහ හදිසි ප්රතිකාර ඒකකය සියලු නවීන පහසුකම්වලින් සමන්විතය. 2028 වසරේ පළමු කාර්තුවේ මෙහි ඉදිකිරීම් අවසන් කිරීමට නියමිතය.
මෙම ව්යාපෘතිය නිමවීමෙන් පසු මන්නාරම ජනතාවට කොළඹ ඇතුළු ප්රධාන නගර කරා ගමන් කිරීමකින් තොරව හදිසි අනතුරු සහ අනෙකුත් විශේෂඥ සෞඛ්ය සේවා ලබා ගැනීමට අවස්ථාව සැලසෙන අතර මීට සමගාමීව මන්නාරම දිස්ත්රික් රෝහල සඳහා අවශ්ය වෛද්ය උපකරණ සහ කාර්ය මණ්ඩල අවශ්යතා සපුරාලීමටද රජය පියවර ගෙන තිබීම විශේෂත්වයකි.
හදිසි අනතුරු සහ හදිසි ප්රතිකාර ඒකකයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වූ ජනාධිපතිවරයා රෝහල් කාර්ය මණ්ඩලය සමගද සුහද කතා බහක නිරත විය.
අනතුරුව පැවති උත්සව සභාව ඇමතූ සෞඛ්ය සහ ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ ජාතික ආර්ථිකයට වැදගත් දායකත්වයක් ලබා දීමට නියමිත මන්නාරම ප්රදේශය දියුණු වීමත් සමග එම ජනතාව වෙනුවෙන් ඉහළ සෞඛ්ය සේවාවක් සහතික කිරීමට මෙම ව්යාපෘතිය ඉවහල් වනු ඇති බවයි. “පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්” උදා කර දීමේදී මිලියන 21.7ක් වූ මේ රටේ සමස්ත පුරවැසියන්ට සෞඛ්ය සම්පන්න, නිරෝගීමත් ජීවිතයක් උරුම කර දීමට රජය කැප වී සිටින බවද අමාත්යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්ය සහ ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා
මන්නාරම දිස්ත්රික්කය අපේ ජාතික ආර්ථිකයට වැදගත් පංගුවක් ලබා දීමට නියමිත ප්රදේශයක්. දැන් වගේම ඉදිරියේද දේශීය සහ විදේශීය සංචාරකයින් විශාල වශයෙන් මේ ප්රදේශයට පැමිණේවි. ප්රවාහන පහසුකම් දියුණුවීමත් සමග මන්නාරම ප්රදේශය ආර්ථික වශයෙන් ඉහළට පැමිණේවි. එවන් අවස්ථාවක මෙම ප්රදේශයේ සහ මෙම ප්රදේශයට පැමිණෙන ජනතාවට ඉහළ සෞඛ්ය සේවාවක් ලබා දීම සඳහා මන්නාරම රෝහලේ සේවා තත්ත්වය උසස්වීම වැදගත් වෙනවා.
ඒ අනුව 2028 පළමු කාර්තුවේ මෙම හදිසි අනතුරු සහ හදිසි ප්රතිකාර ඒකකය ඉදිකිරීම් අවසන් කර ජනතාවට ලබා දෙනවා. ඊට අමතරව මෙම මන්නාරම දිස්ත්රික් මහ රෝහලේ වෛද්යවරුන් සඳහා රුපියල් මිලියන 243ක් වැය කරමින් මහල් 04කින් සමන්විත ගොඩනැගිල්ලක නිල නිවාස ඉදි කෙරෙනවා. එහි කටයුතුද වසර එක හමාරක් තුළ අවසන් කිරීමට අපේක්ෂා කරනවා. මිලියන 230ක් වැය කරමින් ඉදිවන නව ළමා රෝග ඒකකයේ ඉදිකිරීම්ද මේ වසර තුළ ආරම්භ කිරීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරනවා.
ඒ වගේම ඔබගේ අඛණ්ඩ ඉල්ලීමක් වූ CT යන්ත්රය ලබන වසරේ පෙබරවාරි මාසය පමණ වන විට ඔබට ලැබෙනවා. එය රුපියල් මිලියන 250ක් පමණ වටිනවා. මෙම ගොඩනැගිලි පහසුකම් දියුණු වන අතරේ ඔබට අවශ්ය කාර්ය මණ්ඩලයද අපි ලබා දෙනවා. ඒ වගේම ඔබට ඉතිහාසයේ පළමු වතාවට සීමාවාසික වෛද්යවරු ලැබුණා. තවත් සීමාවාසික වෛද්යවරු කිහිප දෙනෙකු මේ ඔක්තෝබර් මාසයේදී ඔබට ලැබෙනවා. ඒ වගේම මේ වන විට මෙහි විශේෂඥ වෛද්යවරුන්ගේ අඩුපාඩුව සම්පූර්ණ කරමින් තිබෙනවා.
මෙම ඔක්තෝබර් 31 වන දින අපි නව හෙදියන් 2600ක් බඳවා ගන්නවා. එයින් කොටසකුත් ඔබට ලැබෙනවා. ඒ වගේම මේ වන විට පරිපූරක වෘත්තිකයින්ට අදාළ පිරිස් පුහුණු වෙමින් පවතිනවා. එම පුහුණු කාලය අවසන් වීමෙන් පසු කිහිප දෙනෙකුගේ සේවාවන් මෙම රෝහලට ලබා ගත හැකියි. ඒ වගේම අපි පවුල් සෞඛ්ය සේවා නිලධාරීන් 1100කට පත්වීම් ලබා දෙනවා. එයිනුත් කොටසක් ඔබට ලැබෙනවා.
ජනතාවට සෞඛ්ය සම්පන්න ජිවිතයක් ලබා දීම වෙනුවෙන් මේ රජය බොහෝ දේ කරමින් සිටිනවා. ඒ මගින් මේ ප්රදේශයේ ජනතාවගේ සෞඛ්ය සහ ජන ජීවිතය ඉහළ තත්ත්වයකට පත් වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.
පසුගිය වසර දෙක තුළ රුපියල් බිලියන 600කට වැඩි මුදලක් සෞඛ්ය අමාත්යාංශය වෙනුවෙන් වෙන් කළ අතර එහි සියලු ව්යාපෘති ජනාධිපතිතුමා නිරන්තරයෙන් අධික්ෂණයට ලක් කරනවා. එතැනින් නොනැවතී අද මෙම අවස්ථාවට සම්බන්ධ වීම පිළිබඳව එතුමාට බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා.
මෙම ව්යාපෘතිය සඳහා අපිට ඉන්දීය රජයේ සහාය හිමිව තිබෙනවා. ඒ වෙනුවෙන් ඉන්දීය අග්රාමාත්යවරයා ඇතුළු එරට රජයටත්, ජනතාවටත් විශේෂයෙන් මෙම සම්බන්ධීකරණ කටයුතු සිදු කරමින් ව්යාපෘතිය සාර්ථක කර ගැනීමට කැප වූ ඉන්දියානු මහකොමසාරිස්වරයා ඇතුළු කාර්ය මණ්ඩලයටත් මම ස්තූතිවන්ත වෙනවා.
දිස්ත්රික් රෝහල් අතරින් මන්නාරම රෝහල ඉතා අඩු පහසුකම් ඇති රෝහලක්. එම අඩු පාඩු මැද වුවද ජනතාවට ප්රශස්ත සේවාවක් ලබා දීමට කැප වී සිටින වෛද්යවරුන් ඇතුළු සියලු කාර්ය මණ්ඩල සිදු කරන කැපවීම මම අගය කරනවා. ජනාධිපතිතුමාගේ පැමිණීම ඔබගේ එම සේවයට කරන ලද ගෞරවයක් ලෙසද මම සලකනවා.
මේ රටේ ජනතාව මීට වසර දෙකකට පෙර එනම් 2024 සැප්තැම්බර් මස 21 වන දින “පොහොසත් රටක්- ලස්සන ජීවිතයක්” උදා කිරීම වෙනුවෙන් පැහැදිලි ජන වරමක් ලබා දුන්නා. එම ජනවරම 2024 නොවැම්බර් මාසයේදී තවදුරටත් ශක්තිමත් කළා. පොහොසත් රටක් - ලස්සන ජීවිතයක් ජනවරම තුළ මේ රටේ සියලු පුරවැසියන්ට නිරෝගී ජීවිතයක් සහ සෞඛ්ය සම්පන්න ජීවිතයක් ලබා දීමේ වගකීම අප වෙත පැවරී තිබෙනවා.
එහිදී ඔබගේ ප්රදේශය, වෘත්තීය, වත් පොහොසත්කම් සහ ජාතිය යන කිසිම දෙයක් අපිට අදාළ වන්නේ නැහැ. ශ්රී ලංකා පුරවැසියන් මිලියන 21.7ටම සෞඛ්ය සම්පන්න නිරෝගීමත් ජීවිතයක් මගින් ලස්සන ජීවිතයක් උදා කර දීම රජයේ අපේක්ෂාවයි.
ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා
අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය යටතේ ශ්රී ලංකාව පොහොසත් රටක් සහ ලස්සන ජීවිතයක් කරා යන පරිවර්තනීය මාවතකට පිවිස තිබෙනවා. ලංකාවේ සියලු පළාත් මෙන්ම උතුරු පළාතද සංවර්ධනය කිරීමට ජනාධිපතිවරයා දක්වන උනන්දුව අපි අගය කරනවා. එමෙන්ම එම දැක්ම යථාවත් කිරීමට ජනාධිපතිවරයා සමග කටයුතු කිරීමට ලැබීම පිළිබද සතුටු වෙනවා.
මෙම මන්නාරම හදිසි ප්රතිකාර ඒකකය සඳහා වන ගිවිසුම අත්සන් තැබුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය යටතේයි. ඉන්දීය අග්රාමාත්ය නරේන්ද්ර මෝදි මහතාද ඒ වෙනුවෙන් ඉතා කැපවීමෙන් කටයුතු කළා. ඉන්දියාව ශ්රී ලංකාවේ සංවර්ධනයට සහාය ලබා දෙන්නේ පවුලේ සාමාජිකයෙකු වෙනුවෙන් වන යුතුකමක් සහ විශාල වගකීමක් ලෙස සලකමින්. මෙරට සියලු ජන කොටස්වල යහපැවැත්ම සහ තිරසාර ප්රගතිය වෙනුවෙන් ශ්රී ලංකා රජය සමග ඉදිරියටත් එක්ව කටයුතු කරනවා.
සෞඛ්ය සහ ජනමාධ්ය අමාත්යාංශයේ ලේකම් විශේෂඥ වෛද්ය අනිල් ජාසිංහ මහතා
ශ්රී ලංකාවේ දශක ගණනාවක සිට රෝහල්ගතවීම් සඳහා ප්රධානතම හේතුව වී ඇත්තේ තුවාල සහ අනතුරුවලට ලක් වීමයි. මන්නාරම යම්තාක් දුරකට භූගෝලීය වශයෙන් හුදකලා වූ ප්රදේශයක් බැවින් මන්නාරම දිස්ත්රික්කයට කඩිනමින් ප්රවේශවිය හැකි නොමිලේ ලබා දෙන ගුණාත්මක සෞඛ්ය සේවාවක් ඉතාමත් වැදගත් වෙනවා.
මෙම රෝහල සඳහා ආධුනික වෛද්ය නිලධාරීන් අනුයුක්ත කිරීම ආරම්භ කළේ මේ වසරේදීයි. මන්නාරම දිස්ත්රික් රෝහල සඳහා CT ස්කෑනර් යන්ත්රයක් මිලදී ගැනීමේ කටයුතුද දැනට සිදු වෙමින් පවතිනවා. මෙම වසර අගදී හෝ ලබන වසර මුලදී මෙම රෝහලට වඩා හොද විකිරණවේද පහසුකම් ලැබෙනු ඇතියි.
මගේ වසර 36ක රාජ්ය සේවය තුළ රාකාරී කිරීමේදී කිසිදු මූල්ය ගැටලුවකට මුහුණ නොදුන් එකම කාලය පසුගිය වසර බව කිව යුතුයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු වත්මන් රජයේ විචක්ෂණශීලි සාර්ව ආර්ථික කළමනාකරණය හේතුවෙන් රටේ සෞඛ්ය සේවාව දියුණු කිරීම සඳහා අවශ්ය මූල්ය අවකාශය නිර්මාණය වී තිබෙනවා
මන්නාරම දිස්ත්රික් රදගුරු ඥානප්රගාසම් ඇන්තනිපිල්ලෙයි රදගුරුතුමාද, උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගම් මහතා සහ මන්නාරම දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රීවරුද, ආරක්ෂක අමාත්යාංශයේ ලේකම් විශ්රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා සහ ආරක්ෂක අංශ ප්රධානීන්ද, සෞඛ්ය අමාත්යාංශයේ නිලධාරීන්ද, ශ්රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන්, යාපනයේ ඉන්දීය කොන්සල් කාර්යාලයේ කොන්සියුලර් ජනරාල් සායි මුරලි එස්. මහතා ඇතුළු එහි නිලධාරීන් සහ රෝහල් අධක්ෂ ඇතුළු කාර්ය මණ්ඩලය මෙම අවස්ථාවට එක්ව සිටියහ.