Thursday, May 08, 2025
Follow Us
මහජන බැංකුව පෞද්ගලීකරණය කරන බවට පළවන වාර්තා වල ඇත්ත නැත්ත මුදල් ඇමති කියයි

මහජන බැංකුව පෞද්ගලීකරණය කිරීමට පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසනවා.

මහජන බැංකුවේ කොටස් විකුණා දැමීමට රජය උත්සහ දරන බවට ඇතැම් පුවත්පත්වල පළ වූ වාර්තා මහජනතාව නොමග යවන අසත්‍ය මෙන්ම ද්වේශ සහගත ප‍්‍රවෘත්තියක් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

අදාළ පුවත සම්බන්ධයෙන් මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මේ බව සදහන් කළා.

(Neth)