එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිබත් වීම සම්බන්ධයෙන් ඒ සඳහා වගකිව යුත්තන් සොයා දඬුවම් පැමිණවීම මෙන්ම සිදුව තිබෙන හානිය විධිමත්ව සොයා බලා අගතියට පත් පාර්ශ්ව සඳහා වන්දි ලබාදීම සඳහා කඩිනමින් ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරන ලෙස සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් සිදුකර තිබේ.
ලෝක පරිසර දිනය හෙට (05 වැනිදාට) යෙදී ඇති අතර සෑම නිවසකම හෙට (5 වැනිදාට) සහ අනිද්දා (6 වැනිදා) ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙස පරිසර අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
කොවිඩ් 19 ආසාදිත මරණ 42 ක් ඊයේ (03) දිනයේ හඳුනා ගෙන තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ.
කොවිඩ් දේහයක් ප්‍රවාහනය කළ රථයකට ආරක්ෂාව සපයමින් හැටන් සිට ඔට්ටමාවඩි දක්වා ගමන් කළ වෑන් රථයක් අද (05) උදෑසන 7ට පමණ අනතුරකට ලක්ව පෙරළී ගොස් තිබේ.
සංචරණ සීමා පනවා ඇති මෙම අවස්ථාවේදී අනවශ්‍ය ගැබ් ගැනීම් වළක්වා ගන්නා ලෙසට ශ්‍රී ලංකා පවුල් සෞඛ්‍යය කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
නිරිතදිග මෝසමේ බලපෑම මහ අධික වැසි ඇද හැළීම නිසා කළු ගඟ, අත්තනගලුඔය සහ කැලණි ගඟ ද්‍රෝණි ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශ ආශ්‍රිතව ගං වතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වාර්මාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
A name board at the Indian consulate in Jaffna which had wordings in English, Tamil and Hindi and not Sinhalese, has been replaced.
බස්නාහිර පළාතේ (කොළඹ මහ නගර සභා සීමාව හැර) සමස්ත ඉඩම් මිල වටිනාකම 2018 වසරේ සිට 2021 වසර වන විට 74% කින් ඉහළ ගොස් තිබෙන බව අනාවරණය වේ.
රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදය සැමරීම සම්බන්ධව හෝටලයේ කළමනාකරුවන් දෙදෙනකුගෙන් කොළඹ අපරාධ කොට්ඨාසය ප්‍රකාශ ලබාගෙන ඇත.
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ප්‍රකාශ කර සිටියේ මෙම වසර අවසාන වනවිට රුසියානු සංචාරකයින් 26000ක් මෙරටට ගෙන්වන බවත් එමඟින් ඇමෙරිකානු ඩොලර් මිලියන 40ක විදේශ විනිමයක් රටට උපයා දෙන බවත්ය.
පවතින අධික වර්ෂාපනයත් සමග රත්නපුර, ඇල්ලේ දේවාලය අසල පස් කන්දක් නාය යෑමෙන් පුද්ගලයින් තිදෙනෙකු අතුරුදන් වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
Sri Lanka’s number one shuttler Niluka Karunaratne yesterday qualified to compete in the Tokyo Olympic Games after maintaining a superior World Ranking during the last few months.
පසුගිය 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ කොළඹ තරු පහේ හෝටලයක සාදයකට සහභාගී වී සිටීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද (04) පෙරවරුවේ අත්අඩංගුවට ගත පුද්ගලයින් 7 දෙනාට අධිකරණය මගින් ඇප නියම කර ඇත.
ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තිබූ අන්තරායකර රසායනික ද්‍රව්‍ය අඩංගු බහාලුම් මෙරට තුළ ගොඩබෑමට රැගෙන ආ ඒවා නොවන බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසනවා. එහි සභාපති ජෙනරාල් දයා රත්නායක කියා සිටියේ අන්තරායකර ද්‍රව්‍ය අඩංගු බහාලුම් 81 ක් නෞකාව තුළ තිබූ බවයි.
නාවික හමුදාවේ කිමිදුම් කණ්ඩායමක් ගිනි ගැනීමට ලක්වූ එම්.වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා අදාළ මුහුදු ප්‍රදේශයට පිටත්ව ගොස් තිබේ.
Six more people including Jackson Anthony's daughter Madhavee Wathsala Anthony have been arrested for attending the birthday party thrown at Shangri-La Hotel in Colombo on May 30 violating quarantine regulations, Police said.
පසුගිය 30 වැනිදා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී උපන්දින සාදයක් පවත්වන අතර කොටුව පොලිසිය විසින් අත්අඩංගුව ගත් රූපලාවන්‍ය ශිල්පි චන්දිමාල් ජයසිංහ, නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි ඇතුළු සාදයට එක්වූ 20 දෙනකු පමණ පිරිසක් මුදාහැරීමට කොටුව පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ සහාය ලැබුණේ ද යන්න පිළිබඳව ද විමර්ශනයක් ආරම්භ කර ඇත.
අත්‍යවශ්‍ය රාජකාරී සඳහා පැමිණෙන වාහන හඳුනා ගැනීම වෙනුවෙන් පොලීසිය ඊයේ ඇලවූ ස්ටිකරය අද වලංගු නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පත් අජිත් රෝහණ පවසනවා.
Page 383 of 713