Monday, March 02, 2026
Follow Us
හෙද සංගමයක් හෙට පැය 05 ක වෘත්තීය ක්‍රියාමාර්ගයක

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වීමට රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව හෙට පෙරවරු 07 සිට දහවල් 12 දක්වා කාලය තුළ සේවයෙන් ඉවත්වන බවයි එම සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ.

සිය ඉල්ලීම්වලට විසදුම් නොලැබුණොත් ඉදිරියේදී සෞඛ්‍ය ක්ෂේත්‍රය බරපතල අවදානමකට ලක්විය හැකි බවයි එම සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය වැඩිදුරටත් සඳහන් කළේ.

(Neth)