කොකේන් මත්ද්රව්ය තොගයක් ගුලි වශයෙන් සකස් කර ගිල දමා පැමිණි 45 හැවිරිදි උගන්ඩා ජාතික කාන්තාවක් ඊයේ දින උදෑසන කටුනායක ගුවන් තොටුපළේ දී රේගු මත්ද්රව්ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්ය ප්රකාශක නියෝජ්ය රේගු අධ්යක්ෂ ( නීති කටයුතු ) සුදත්ත සිල්වා ප්රකාශ කර සිටිනවා.
මිල්කෝ ආයතනය හයිලන්ඩ් කිරිපිටි මිල ගණන් ඉහළ නංවා තිබෙනවා. ඒ අනුව ග්රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 90කින් ඉහළ දැමීමටයි තීරණය කර ඇත්තේ. එහි නව මිල රුපියල් 470 ක්.
මෙරටින් වාර්තාවන දෛනික කොරෝනා ආසාදිතයින්ගේ අඩුවීමක් තවදුරටත් පෙන්නුම් කරනවා. ඊයේ දිනයේද මෙරටින් වාර්තා වුයේ ආසාදිතයින් 666 දෙනෙකු පමණක් බවයි වසංගත රෝග විද්යා අංශය සඳහන් කළේ. මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්යාව 530,421ක්.
උසස් පෙළ සිසුන්ගේ එන්නත්කරණ වැඩසටහන සදහා තමන් ඍජු මැදිහත්වීමක් සිදු නොකරන බව ගුරු විදුහල්පති සංගම් පවසනවා.
ශ්රී ලංකා සංචාරක නාමයට කළු පැල්ලමක් ද ඇති කරමින් ශ්රී ලංකාවට පැමිණි ජර්මනියට අයත් ගුවන් යානයකට මෙරට ගුවන්තොටුපළ බලධාරීන්ගේ නොසැලකිල්ලෙන් සිදුවූ අපහසුතාව පිළිබඳ විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. නෙත් නිවුස් කළ විමසීමකදී ගුවන් තොටුපළ බලධාරියෙකු සඳහන් කළේ එම සිද්ධියට බලපෑ හේතු සම්බන්ධයෙන් මෙහිදී පුළුල් ලෙස සොයා බලන බවයි.
ඉන්දියාවේ බලපෑම මත උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ජීවන් ත්යාගරාජා පත් කර ඇති බවට සැක මතුවන බව දේශ හිතෛෂි ජාතික ව්යාපාරය පවසනවා.
ඊයේ (14) දිනය තුළ මෙරටින් හඳුනාගත් මුළු කොවිඩ් රෝගීන් සංඛ්යාව 674ක් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
දෑත් පිරිසිදු කර ගැනීම සඳහා ලබාදෙනු ලබන විෂබිජනාෂක දියර පානය කරනු ලැබු ඉරාන ජාතික රැඳවියන් දෙදනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව බන්ධනාගාර මාධ්ය ප්රකාශක, බන්ධනාගාර කොමසරිස් (පාලන) චන්දන ඒකනායක ප්රකාශ කර සිටිනවා.
රැඳවියෙකුට පහරදීමේ සිද්ධියකට අදාලව අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ නියාමකවරුන් 05 දෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.
Page 371 of 769