Monday, March 02, 2026
Follow Us
කෑගල්ලේ දරුණු රෝගයක් – මාස 4කදි රෝගීන් 250ක්

රෝගය වැළදුනු දෙදෙ‌නෙක් මරුට


ජූනි මස සිට ඊයේ (20 වැනිදා) දක්වා ගතවූ මාස හතරක කාලයේදී කෑගල්ල දිස්ත්‍රික්කයෙන් මී උණ රෝගීන් 250කට අධික පිරිසක් හඳුනාගෙන ඇති බවත්, ඉන් දෙදෙනකු මියගොස් ඇති බවත් කෑගල්ල දිස්ත්‍රික් වසංගත රෝග මර්දන අංශයේ විශේෂඥ වෛද්‍ය සුජීව බණ්ඩාර පැවැසීය.

මාවනැල්ල හා දෙහිඕවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසවලින් මී උණ රෝගීන් වැඩිම පිරිසක් පිරිසක් වාර්තා වී තිබේ. කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් උණ වැනි රෝග ලක්ෂණ ඇතිවූ විට වේදනා නාශක ඖෂධ භාවිතා කරමින් වෛද්‍යවරයකු වෙත නොයා නිවසේ රැඳී සිටීම මෙම තත්ත්වයට හේතුව බවද විශේෂඥ වෛද්‍යවරයා කීවේය.
මේ වනවිට කෑගල්ල මහ රෝහලේ මී උණ රෝගීන් 38 දෙනකු පමණ ප්‍රතිකාර ලබන අතර, එහි ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය සතියේ දෙදෙනකු මිය ගොස් තිබේ. ඉන් එක් පුද්ගලයකු කුඹුරු වැඩ සිදුනොකළ අයකු බවද වසංගත රෝග මර්දන අංශය සඳහන් කළේය.

(Aruna)