ලබන වසරේ ජනවාරි 01 දා සිට බස් ගාස්තු ඉහළ දැමීම සදහා වන යෝජනාවලිය ලබන සතියේ ජාතික ගමනාගමන කොමිසමට සහ ප්‍රවාහන අමාත්‍යාංශයට භාර දීමට කටයුතු කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජයරත්න මහතා පැවසුවේය.
මේ වන විට ගෑස් පිළිබඳ පවතින තත්ත්වයන් හමුවේ ගෑස් අලෙවියේ යම් අඩුවක් දක්නට ලැබෙන බව නෙත් නිවුස් වෙත වාර්තා වුණා. ඒ අනුව කල සොයා බැලීමකදී හෙළි වුණේ ගෘහස්ථ ගෑස් අවසන් වුවද අලුතෙන් ගෑස් මිලදී ගැනීමට පාරිභෝගිකයින් කටයුතු නොකරන බවයි.
නැගෙනහිර පළාතේ දැනට භාවිත වන සියලු පාලම් පාරුවල යම් යම් ගැටලු පවතින බව නැගෙනහිර පළාතේ පාලම් පාරු සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පත් කළ තාක්ෂණික කමිටු වාර්තාවෙන් අනාවරණය වී තිබෙනවා.
රටේ හතරෙන් එකක් අඳුරේ තබමින් ඉකුත්දා සිදුවූ හදිසි විදුලි බිඳවැටීම වැනි සිද්ධින් ඉදිරියේදී සිදු වුවහොත් ඒවා යථාතත්ත්වයට පත් කිරීම ඉදිරිපත් නොවන බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය පවසනවා. එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක චරිත ජයනාත් කියා සිටියේ අකුරට වැඩ කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වූවද ඉකුත්දා සිදුවූ හදිසි විදුලි බිද වැටීම යථාතත්ත්වයට පත් කිරීමට තම ඉංජිනේරුවරුන් සිය දායකත්වය ලබාදුන් බවයි.
අබුඩාබි ටී ටෙන් ක්‍රිකට් තරගාවලියේදී යළිත් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වීමට ශ්‍රී ලංකාවේ වනිදු හසරංග ඊයේ රාත්‍රියේ සමත් වුණා.
ලෝක ඒඩ්ස් දිනය අදට යෙදී තිබෙනවා. “අසමානකම් දුරු කර ඒඩ්ස් අවසන් කරමු, වසංගත පරදවමු” යන්න මෙවර එහි තේමාවයි.
Sri Lanka’s COVID-19 detections rose to 564,733 with 744 persons testing positive for COVID-19 yesterday.
ඌව පලාතේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද සිට එන්නත්කරණය හැර කොවිඩ් සම්බන්ධ සෙසු සියලු රාජකාරීවලින් ඉවත්වීමට තීරණය කර තිබෙනවා.
Page 327 of 749