The islandwide power outage is not the result of sabotage but of natural occurrences, the Ceylon Electricity Board (CEB) Workers' Union said.
ලෝකයම දැඩි අවධානමක හෙලා ඇති ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයේ ආසාදිතයෙකු පළමු වරට මෙරටින් හඳුනා ගෙන තිබෙනවා. මෙලෙස හඳුනා ගෙන ඇත්තේ අප්‍රිකානු කලාපයේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයෙක්. ඔහු පුත්තලම, මාරවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වනවා.
මෙරටින් පළමු වරට හදුනා ගැණුනු ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදිත කාන්තාව එන්නත්කරණයට ලක් නොවූ අයෙකු බව ඊයේ අනාවරණ වුණා. මේ වනවිට බොහෝ රටවලට පැමිණීමට අවසර හිමිවන්නේ පූර්ණ එන්නත්කරණයට ලක් වූ පුද්ගලයන්ට පමණයි. එවන් පසුබිමක කිසිදු එන්නතක් හෝ ලබානොගත් මෙම කාන්තාව රටට ඇතුළුවූයේ කෙසේද යන්න ගැටළු සහගත බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කළේ.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල සාමාජිකයින් 03 දෙනෙකු ඉල්ලා අස්වීමේ ලිපි භාරදී ඇති බව වාර්තා වනවා. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට ඉතා ඉහළ වැටුප් තල යටතේ නිලධාරීන් රැසක් බඳවා ගෙන ඇති බවට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී ද චෝදනා එල්ල වුණා. එම තත්ත්වයන් හමුවේ අදාළ පිරිස ඉල්ලා අස්වී ඇති බවයි වාර්තා වන්නේ.
දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් දෙදෙනෙකු මෙවර එල් පී එල් තරඟාවලියට එක් නොවන බව තරඟ සංවිධායකින් වෙත දැනුම් දී තිබෙනවා. ඒ, ඔමික්‍රෝන් කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් අප්‍රිකානු කලාපයේ රටවල් කිහිපයක සංචාරකයින්ට මෙරටට ඇතුලූවීම තහනම් කිරීමත් සමගයි.
Page 326 of 749