Monday, May 04, 2026
Follow Us
ශ්‍රී ලංකාවට එරෙහි දෙවන එක්දින තරඟයේ කාසිය වාසිය සිම්බාබ්වේ කණ්ඩායමට

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි එක්දින ක්‍රිකට් තරඟයේ කාසිය වාසිය හිමි කර ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහර දීමටයි. අද තරඟයට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමට වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර කැදවා තිබෙනවා. ඒ, චාමික ගුණසේකර වෙනුවටයි. සිම්බාබ්වේ කණ්ඩායම අද තරගයට එක්වන්නේ කිසිදු වෙනසකින් තොරවයි.

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දෙන සිම්බාබ්වේ කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර පන්දුවාර 06 ක් අවසානයේ කිසිවෙකු නොදැවී ලකුණු 38 ක් ලබා සිටියා.

(Neth)