ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලක්ෂයක් අද දිනය තුළ වෙළඳපලට නිකුත් කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා.
නවක වෛද්‍ය පත්වීම් මෙන්ම වෛද්‍යවරුන්ගේ වාර්ෂික ස්ථාන මාරු ඇතැම් වෘත්තීය සමිති නායකයින්ගේ අභිමතය පරිදි කරගෙන යෑමට හිටපු සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඉඩදී තිබුණු අතර ඒ හේතුවෙන් බොහෝ වෛද්‍යවරුන් අපහසුතාවට පත්වූ බවත් 2021 වසර සඳහා සකස් කළ ශ්‍රේණි වෛද්‍ය නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු ලැයිස්තුවේ ද අක්‍රමිකතා රැසක් ඇති බවත් රජයේ වෛද්‍ය වෘත්තිකයින්ගේ සංගමය පවසයි.
ජනප්‍රිය ගායක ඩෙස්මන්ඩ් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඔහු ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ජිවත් වෙමින් සිටිය බවයි සඳහන් වන්නේ.
අපේක්ෂා කළ අයුරින් බූස්ටර් මාත්‍රාව ලබා ගැනීම වේගවත් වී නොමැති බව සෞඛ්‍ය අංශ පවසනවා.
පවතින ගෑස් හිගය හේතුවෙන් මේ වන විට දර සඳහා පවතින්නේ දැඩි ඉල්ලුමක්. එම ඉල්ලුමට හේතුවෙන් පරිසර විනාශයන්ද වැඩි වී ඇති බවයි පරිසරවේදීන් පෙන්වා දෙන්නේ.
සත්ත්ව ආහාර නොමැතිවීම හේතුවෙන් බිත්තර සහ කුකුළුමස් නිෂ්පාදකයින් දැඩි අර්බුදයකට මුහුණ පා සිටිනවා.
මහ බැංකුව සහ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ ආයතනයේ දත්ත වාර්තාවලට අනුව මෙම වසරේ මැද භාගය දක්වා මෙරට පරිභෝජනය සඳහා වී තොග මේවනවිට තිබිය යුතු බව සමස්ථ ලංකා ගොවිජන සම්මේලනය පවසනවා.
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයින් සම්බන්ධයෙන් ඊයේ (07) පැවති විධායක කමිටු රැස්වීමේදී විශේෂ තීරණ කිහිපයක් ගෙන තිබෙනවා.
රටේ ආහාර හිඟයක් ඇතිවන පරිදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට වැරදි උපදෙස් ලබාදුන් පුද්ගලයින් සොයා ඔවුන්ට දඬුවම් කළයුතු බව කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසයි.
විනය විරෝධීව හැසිරීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා මත තරග තහනමක් පනවා තිබූ ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනාගේ එම තරග තහනම ඉවත් කර තිබෙනවා. ඒ අනුව කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක, නිරෝෂන් දික්වැල්ල යන තිදෙනාට යළිත් ජාතික සංචිතයේ දොරගුළු විවෘත වනු ඇත.
Page 302 of 742