මෙරට වෙළෙදපොලේ රන් මිල පළමු වරට රුපියල් එක්ලක්ෂ පනස්දහසේ සීමාව පසුකර ඇති බව හෙට්ටිවිදිය ආශ්රිත රන් කර්මාන්තකරුවන් පවසනවා.
පාසැල්වල ජල බිල්පත් මහා භාණ්ඩාගාරය මගින් ගෙවීම අත්හිටුවා ඇති බව ලංකා ගුරු සංගමය පවසනවා. එම සංගමයේ ප්රධාන ලේකම් ජෝසප් ස්ටාලිං පැවසුවේ මෙම තීරණය හේතුවෙන් පවතින ආර්ථික අර්බුද හමුවේ මව්පියන්ට තවත් බරක් පැටවී ඇති බවයි.
ඉන්ධන මිල ඉහළ දැමීම හා අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහළයාම හේතුවෙන් සිය ප්රවාහන ගාස්තු වැඩි කිරීමට සිදුවන බව ලංකා ඛණිජතෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසනවා.
ආහාරපානවල මිල පාලනය කිරීම සඳහා රජය මැදිහත්විය යුතු බව සමස්ථ ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති අසේල සම්පත් පැවසුවේ එසේ නොවුනහොත් ආපනශාලා, හෝටල් ආදී ක්ෂේත්රයන් කඩාවැටිය හැකි බවයි.
COPE Chairman Prof. Charitha Herath stated that decisions taken by Board of Directors of public institutions occasionally cause chaos when it comes to public money.
වෛද්ය වෘත්තියේ ආචාර ධර්ම සහ අයිතිවාසිකම් සුරැකීමේ අරමුණින් යුතුව නව වෛද්ය වෘත්තීය සමිතියක් පිහිටුවීමට නියමිත බව වාර්තා වේ.
ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් බොහෝදුරට අද දහවල් වනවිට පෞද්ගලික බස් ධාවනය සම්පූර්ණයෙන් ඇනහිටීමේ අවදානමක් පවතින බව ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ ඉන්ධන සහනාධාරයක් ලබාදීම හෝ ගාස්තු වැඩිකිරීමක් අද දිනයේම අවශ්ය වන බවයි.
Page 302 of 769