පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් කරන ලද චෝදනාවන් ප්‍රතික්ෂේප කරන බව සඳහන් කරමින් පොලිසිය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඊට හේතුවී ඇත්තේ ඉකුත් 08 වනදා දින ”පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ වින්දිතයින් සඳහා යුක්තිය” යන මැයෙන් සූම් තාක්ෂණය ඔස්සේ පැවති විශේෂ සම්මන්ත්‍රණයකට එක්වෙමින් අගරදගුරු හිමිපාණන් විසින් කරන ලද ප්‍රකාශයයි.
පාස්කු ප්‍රහාරය එල්ල වී දින 1000 ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් දිවයිනේ සියලු දේවස්ථානවලදී, ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන් සමරා විශේෂ ආගමික වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට කතෝලික සභාව තීරණය කර තිබෙනවා.
මේ වන විට වෙළඳපොලේ නාඩු සහල් කිලෝවක මිල රුපියල් 25 ත්, 30 ත් අතර මිලකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ, ඉකුත් පළවෙනිදා සිට ඊයේ දිනය දක්වා වූ දින 10 ක කාලය තුළයි. කෙසේවෙතත් සම්බා සහ කීරි සම්බා යන සහල් වර්ගවල මිලෙහි සැලකිය යුතු වැඩිවීමක් සිදුව නොමැති බවයි නෙත් නිවුස් කළ සොයාබැලීමකදී වෙළඳසැල් හිමියන් සඳහන් කළේ.
ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල දෙවැනි වසරේ සිටින ගුරු සිසුන්ගේ පාඨාමාලා කාලය විද්‍යාපීඨ කථිකාචාර්යවරුන්ගේ ඉල්ලීමකට අනුව මාස තුනකින් දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
2022 වර්ෂයට අදාල ඖෂධ මිළ දී ගැනීම සදහා අවශ්‍ය ණයවර ලිපි නිකුත් නොකිරීම හේතුවෙන් ඖෂධ වර්ග 80ක් පමණ මිලදී ගැනීමට නොහැකිවන තත්වයක් ඇතිවී තිබෙන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසනවා. එහි සභාපති රවී කුමුදේශ් පැවසුවේ 2022 වර්ෂය සදහා අවශ්‍ය ණයවර ලිපි මේ වන තුරුත් නිකුත් වී නොමැතිවීම හේතුවෙන් අත්‍යාවශ්‍ය ඖෂධ ඇනවුම් කිරීමේ ක්‍රියාවලිය දැනටමත් මාස 4ක පමණ ප්‍රමාදයකට ලක්ව ඇති බවයි.
පානදුර - කොළඹ සහ මොරටුව - කොළඹ අතර ධාවනය කරන පෞද්ගලික බස් හිමියන් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
අයි සි සී ලෝක ටෙස්ට් ශූරතා ප්‍රසාද ලකුනු සටහනේ යළිත් පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබී තිබෙනවා. ඒ, එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර ඊයේ පැවැති අළුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ සිව්වන තරගය ජය පරාජයෙන් තොරව අවසන් වීමත් සමගයි.
The further hearing into several Fundamental Rights petitions filed challenging the agreements on Yugadanavi power plant was yesterday fixed for further hearing on January 12 by the Supreme Court.
ගෑස් පෝළිම්වල සිටීම ආදායම් මාර්ගයක් කරගත් පුද්ගලයින් පිරිසක් පිළිබඳ නෙත් නිවුස් වෙත වාර්තා වුණා. වැඩිදුරටත් කළ සොයා බැලීමකදී අනාවරණ වුණේ නුවරඑළිය, හැටන් ආදී ප්‍රදේශවල කුලී රැකියාවල නිරත වන පුද්ගලයින් පිරිසක් මෙලෙස මුදලට ගෑස් පෝළිම්වල සිටීම සිදුකරන බවයි.
පොහොර ගැටලුව, ඩොලර් අර්බුදය මෙන්ම උද්ධමනය ඉහළ යාම මේ වනවිට රටේ සියලු ක්ෂේත්‍ර සඳහා සෘජුවම බලපා තිබෙනවා. ඒ හේතුවෙන් සාමාන්‍ය ජන ජීවිතය දිනෙන් දිනම දුෂ්කර වෙමින් තිබේ.
පාලකයින් මතුපිටින් පෙන්වීමට උත්සාහ කරනවාට වඩා විශාල කුමන්ත්‍රණයක් පාස්කු ප්‍රහාරය පසුපස පැවතියේයැයි මේ වනවිට එන්න එන්නම පැහැදිලි වන බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් පවසයි.
කුමන ප්‍රභේද පැමිණිය ද එන්නත්කරණය සම්පූර්ණ කර ඇත්නම් එමඟින් ආරක්ෂාවක් සැපයෙන බව කොළඹ ජාතික රෝහලේ කායික රෝග පිලිබඳ විශේෂඥ වෛද්‍ය හර්ෂ සතිස්චන්ද්‍ර පවසනවා. ඔහු කියා සිටියේ විවිධ ප්‍රභේද පැමිණීමත් සමඟ ලබාදෙන මාත්‍රා ගණන ද වැඩිවිය හැකි බවයි.
ඉදිරියේදී යළි දුම්රිය වර්ජනයක් ආරම්භ කිරීමට සිදුව ඇතැයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා. එහි සභාපති සුමේධ සෝමරත්න පැවසුවේ නිසි පරිදි දුම්රිය ධාවනය මෙතෙක් ආරම්භ කර නොමැති බවයි. අද දිනයේද තැපැල් සහ දුර ගමන් දුම්රියවාර කිහිපයක් හදිසියේ අවලංගු කර ඇති බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.
Page 301 of 742