බොරැල්ල සියලු සාන්තුවරයින්ගේ දේවස්ථානයේ තිබී ඊයේ පස්වරුවේ සොයා ගැනුණු අත්බෝම්බය යම් ගිනි ඇවිලීමක් සිදුවූ අවස්ථාවක පුපුරා යන ආකාරයෙන් අටවා තිබූ බව පොලීසිය පවසනවා.
A total of 17 employees attached to a state bank on Duke Street in Colombo tested positive for the coronavirus, sources said.
සහල් මිල ඉහළ ගොස් ඇත්තේ රටේ වී නිෂ්පාදනය පහළ යෑම නිසා බවත් එහි වගකීම තමන්ට බාරගත නොහැකි බවත් කෝටිපති සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.
2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් අට දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් පොලිස් පරීක්‍ෂක නියෝමාල් රංගජීව සහ හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවාට එරෙහිව පවරා ඇති නඩුවේ තීන්දුව අද ප්‍රකාශ කරනු ලැබුවා.
විටින් විට වසා දැමීම හේතුවෙන් සපුගස්කන්ද තෙල් පිරිපහදු සංකීර්ණයේ උපකරණවලට හානි සිදුවිය හැකි බව සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ හිටපු ප්‍රධානී සහ කාර්මික සේවා කළමනාකරු සිරිල් සුදුවැල්ල පවසනවා. ඔහු කියා සිටියේ මේ වන විට සිදුවන ක්‍රියාදාමය හේතුවෙන් තෙල් පිරිපහදුවේ කටයුතු යළි ආරම්භ කිරීමේදී පවා ගැටලු මතුවිය හැකි බවයි.
The Railway Station Masters' Union (RSMU) launched a 24-hour token strike last night based on several demands, including the arbitrary cancellation of long distance train services without prior notice, RSMU President Sumedha Somaratne said.
මිථ්‍යා මතවලට නොරැවටී බූස්ටර් මාත්‍රාව ලබාගන්නැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
අනවශ්‍ය මහජන ඒකරාශීවීම් හේතුවෙන් කොවිඩ් වසංගත තත්ත්වය රට තුළ සීග්‍ර ලෙස පැතිරයාමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
බොරැල්ල - වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට සියලු ශාන්තුවරුන්ගේ දේවස්ථාන පරිශ්‍රයේ තිබී අත්බෝම්බයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු සැකකරුවන් තිදෙනාගෙන් එක් අයෙකු ඊට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු බව අනාවරණය වී තිබෙනවා.
සහල් මිල පාලනය සඳහා රජය ප්‍රමාණවත් මැදිහත්වීමක් සිදු නොකරන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසනවා. එහි සභාපති රංජිත් විතානගේ පැවසුවේ මෙම තත්ත්වය හේතුවෙන් රට තුළ සහල් මාෆියාවක් ක්‍රියාත්මක වන බවයි.
ඉදිරි කන්නයේ වගා කටයුතු සඳහා චීනයෙන් පොහොර ආනයනය කිරීමට තීරණය කර ඇති බව කොළඹ කොමර්ෂල් පොහොර සමාගම පවසනවා. ඒ අනුව චීනයෙන් පොහොර මෙට්‍රික් ටොන් 90,000 ක් ආනයනය කරනු ඇත.
Page 300 of 742