මිරිහාන ප්රදේශයේ දී පැවති විරෝධතාවයේදී සැකපිට අත්අඩංගුවට ගෙන ගංගොඩවිල මහේස්ත්රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ සැකකරුවන් 21 දෙනෙකු පුද්ගලික ඇප මත මුදා හැරීමට ගංගොඩවිල මහේස්ත්රාත් ප්රසන්න අල්විස් මහතා නියෝග කරනු ලැබුවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඔහු වටා සිටින කේවට්ටයින්ගේ උපදෙස් අනුව ඉදිරි ගමන යෑමට සැරසෙන්නේ නම් තමන්ටත් ඉතාම ඉක්මනින් වෙන පැත්තක් බලාගැනීමට සිදුවනු ඇති බවට කොළඹ විශ්වවිද්යාලයේ කුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසයි.
කැලණිතිස්ස බලාගාරයේ විදුලි ජනන කටයුතු අද පෙරවරුවේ යළි ආරම්භ කෙරුණා. ඒ, එම බලාගාරයට අවශ්ය ඩීසල් ලීටර මිලියන 1 යි දශම 2 ක තොගයක් ලැබීමත් සමගයි. ඒ අනුව අද උදෑසන 08 ට පමණ කැළණිතිස්ස බලාගාරයේ කටයුතු යළි ආරම්භ කෙරුණු බවයි ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේ.
රටතුළ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් තැපැල් දෙපාර්තමේන්තුවේ ලිපි බෙදාහැරීමේ කටයුතුවලට ද බාධා එල්ල වී තිබෙනවා. එම දෙපාර්තමේන්තුවට අයත් ප්රාදේශීය කාර්යාලවල ඇති රථවාහනවලට අවශ්ය ඉන්ධන නොමැතිවීමෙන් දෛනික කටයුතු සඳහා බාධා එල්ල වී ඇති බවයි නෙත් නිවුස් කළ විමසීමකදී තැපැල්පති රංජිත් ආරියරත්න පැවසුවේ.
මොරටුව ප්රදේශයේදී ඊයේ (01) විරෝධතා පැවැත්වූ වඩු කාර්මිකයින්ගෙන් පිරිසක් මොරටුව නගරාධිපති සමන්ලාල් ප්රනාන්දු මහතාගේ නිවස වටළා ගල්මුල් ප්රහාරයක් එල්ල කර ඇති බව වාර්තා වේ.
වර්ෂාව පිළිබඳ තැබූ පුරෝකථනයන් වැරදී ජලාශවල ඒ වනවිටත් එක්රැස්වී තිබූ ජලය විදුලි උත්පාදනයට ලබානොගෙන කෘෂිකාර්මික කටයුතු සඳහා මුදාහැර ඇතැයි නෙත් නිවුස් වෙත වාර්තා වුණා.
ජාති, ආගම්, දේශපාලන පක්ෂ සහ විශ්වාස පසෙකලා එක්ව රටක් ලෙස නැඟී සිටින්නැයි ජනප්රිය, ප්රවීණ ක්රිකට් ක්රීඩක රොෂාන් මහානාම මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.
ඉදිරි දින 05 ක කාලය තුළ ඩීසල් මෙට්ට්රික් ටොන් 80,000 කට ආසන්න ප්රමාණයක් මෙරටට පැමිණීමට නියමිතයි. ඒ, ඉන්දීය ණය පහසුකම් යටතේයි. එහි පළමු ඩීසල් තොගය අද රාත්රියේ පැමිණීමට නියමිතයි.
මිරිහාන ප්රදේශයේදී පෙරේදා රාත්රියේ ඇතිවූ සිද්ධියේදී ආරක්ෂක අංශ ජනමාධ්යවේදීන්ට පහරදීම තරයේ හෙළා දකින බව නිදහස් මාධ්ය ව්යාපාරය පවසනවා. එහි කැඳවුම්කරු ලසන්ත ද සිල්වා පැවසුවේ එහිදී උල්ලංඝනය වී ඇත්තේ ජනමාධ්යවේදීන්ගේ භාෂණයේ හා ප්රකාශණයේ අයිතිය පමණක් නොවන බවයි.
අඛණ්ඩව සිදුවන විදුලි කප්පාදුව හේතුවෙන් ඔසුසැල්වල ඖෂධ ගබඩා කර තැබීමේදී ගැටළු රැසක් පැනනැගී ඇතැයි ඖෂධවේදීන් පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ ඇතැම් ඖෂධ අනිවාර්යයෙන්ම ශීතකරණයක් තුළ තැබිය යුතු බවයි. කඩින්කඩ විදුලිය විසන්ධිවීමෙන් එවැනි ඖෂධවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් ගැටලු ඇතිවිය හැකි බව ඖෂධවේදීන් පෙන්වා දෙනවා.
Page 295 of 769