තංගල්ල, මොරකැටිආර ප්රදේශයේදී ඊයේ රාත්රි සිදුවූ වෙඩි තැබීමෙන් මිය පුද්ගලයාද මත්ද්රව්ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයෙක් බව අනාවරණ වී ඇතැයි පොලීසිය පවසනවා.
රජයේ පාසැල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසැල්වල පළමු වාරයේ දෙවන අදියර හෙටින් ආරම්භ වනවා. ඒ අනුව පාසැල් සිසුන් සඳහා ප්රවාහන පහසුකම් සැපයීම වෙනුවෙන් මේවනවිට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්ය සාමාන්යාධිකාරී ධාවන පණ්ඩුක ස්වර්ණහංස සඳහන් කළේ.
පවතින අර්බුදයත් සමග බිත්තර, කුකුළු මස් සහ දියර කිරි මිල ඉහළ යාම හේතුවෙන් ජනතාව ඒවා මිලදී ගැනීම ක්රමයෙන් අඩුවෙමින් ඇතැයි කෘෂිකර්ම අමාත්යංශය පවසනවා. එහි ලේකම් රෝහණ පුෂ්පකුමාර සඳහන් කළේ අමුද්රව්ය මිල සීග්රයෙන් ඉහළ යාම මෙම තත්ත්වයට හේතුවී ඇති බවයි.
ශ්රී ලංකාවේ වගා කටයුතු සඳහා අත්යාවශ්ය එළවලු බීජ ගෙන්වීමටත් ඩොලර් නැති නිසා ඉදිරියේදී රට තුළ දරුණු එළවලු හිඟයක් ඇතිවන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා අවධාරණය කරයි.
Page 267 of 769