ශ්‍රී ලංකා මීටර් 400 කඩුලු මතින් දිවීමේ ශූරී කෞෂල්‍යා මධුෂානි (25) දුම්මලසූරිය ප්‍රදේශයේ පිහිටි සිය නිවසේදී සියදිවි හානිකරගෙන ඇතැයි පොලිසිය සඳහන් කර සිටිනවා.
තවදුරටත් පවතින පොහොර අර්බුදය හේතුවෙන් යල කන්නයේ වී වගාවට ද බාධා එල්ල වී ඇතැයි ගොවීන් චෝදනා කරනවා. පොහොර නොමැතිවීම මෙන්ම ඉන්ධන මිල සහ ට්‍රැක්ටර් ගාස්තු ඉහළ යාම ඇතුලු ගැටලු කිහිපයක් හේතුවෙන් ගොවි ජනතාව මේවනවිටත් යල කන්නයේ වගාකර ගත නොහැකිව දැඩි පීඩාවට පත්ව සිටින බවයි සමස්ථ ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න පැවසුවේ.
ජනතාව පෙළමින් අත්තනෝමතිකව ගෙන යන වැඩපිළිවෙලට එරෙහිව අද දින ගුරු විදුහල්පතිවරු ඒකාබද්ධව අසනීප නිවාඩු දමා වැඩ වර්ජනයේ නිරත වන අතර වහාම මේ තත්ත්වය රජය තේරුම් ගත යුතුව ඇති බව ගුරු විදුහල්පති ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය වෙනුවෙන් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා (24) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.
හිගවූ අත්‍යවශ්‍ය ඖෂධ ලබාගැනීම සඳහා සහය දැක්වීමට සති දෙකක් තුළ විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් දහසකට අධික පිරිසක් එක්ව සිටින බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. මෙරට ඖෂධ හිගය අවසන්වීමට තවත් මාස 03 ක් පමණ ගතවනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.
අරගලයේ නිරත පිරිස අරලියගහ මන්දිරයට කැදවීම නොව සිදුකළ යුත්තේ ආණ්ඩුව අරගලකරුවන් වෙත යාම බව ප්‍රියනාත් ජයසූරිය පවසනවා.
Page 259 of 742