රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ තිබෙන දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම් විභාගය අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ආරම්භ වුණා.
ගුරුවරියන්ට පහසු ඇඳුමකින් සැරසී පාසල්වලට පැමිණීමට අවස්ථාව ලබා දෙන ලෙස ලංකා ගුරු සංගමය අධ්‍යාපන ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර ඇත.
පාන් මිල අඩුකිරීම සම්බන්ධයෙන් අද (31) දිනයේදී සිය විධායක සභාව රැස්වී තීරණයක් ගන්නා බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.
බස්නාහිර පළාත තුළ දෛනිකව බැහැර කෙරෙන පිසූ ආහාර ප්‍රමාණය සියයට 40කින් පමණ අඩුවී ඇති බව බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය පවසනවා. එහි අධ්‍යක්‍ෂ නලින් මාන්නප්පෙරුම පැවසුවේ කොවිඩ් වසංගතයට පෙර කාලය හා සැසඳීමේදී මෙම කාලසීමාව තුළ බැහැර කෙරෙන අනෙකුත් අපද්‍රව්‍යද සියයට 20 කින් පමණ අඩුවී ඇති බවයි.
මෙරට ඖෂධ හිගය තවදුරටත් උග්‍රවෙමින් ඇති බව ශ්‍රී ලංකා ඖෂධ වෙළද සංගමය පවසනවා. එහි සභාපති ඖෂධවේදී කපිල ද සොයිසා පැවසුවේ අත්‍යවශ්‍ය ඖෂධ වර්ගවල දීර්ඝ කාලයක් තිස්සේ හිගයක් පවතින බවයි.
රට තුළ යළිත් ඉන්ෆ්ලුවන්සා රෝගීන් වාර්තා වීමේ වර්ධනයක් දක්නට ලැබෙන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා.
අනුරාධපුර – කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ ඊයේ (31) රාත්‍රියේ ඇතිවූ නොසන්සුන්තාවක් පාලනය කිරීම සඳහා ගිය පොලිස් නිලධාරියෙක් ජනතාවගේ පහරදීමට ලක්ව මියගොස් තිබේ.
පුරප්පාඩු වී ඇති අටමස්ථානාධිපති පදවියට පත්කරගන්නා භික්ෂූන් වහන්සේ කවුරුන්ද යන්න ලබන බදාදා ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව වාර්තා වනවා.
Page 176 of 749