ඉන්දියානු සාගර සම්පත්වලින් ආර්ථික ප්‍රතිලාභ ලබාගැනීමට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව එක්ව කටයුතු කළ යුතු බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
2023 වර්ෂයේ පැවැත්වීමට නියමිත කොරියානු භාෂා ප්‍රවීණතා පරීක්ෂණය සඳහා විභාග ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් කැඳවා තිබේ.
බස් සහ දුම්රිය ටිකට්පත් වෙනුවට නව ප්‍රවාහන කාඩ්පතක් හඳුන්වාදීම සඳහා ගිවිසුමක් අද අත්සන් කර තිබේ.
2023 - 6 ශ්‍රේණිය සඳහා වන පාසල් කඩඉම් ලකුණු අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් මෙතෙක් නිකුත් කර නොමැති බව දෙනුම් දෙයි.
නීති විරෝධී ආකාරයෙන් සිදු කෙරෙන ජංගම දුරකතන ආනයනය වැළැක්වීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ජංගම දුරකතන ආනයනකරුවන් සමග ඊයේ (31) මුදල් අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
පළාත් සභා මට්ටමෙන් විදේශ රැකියා ඉලක්ක කර ගත් සාත්තු සේවා පාඨමාලා ආරම්භ කිරීමේ නියමු ව්‍යාපෘතිය පසුගියදා උතුරුමැද පළාත් සභාවෙන් ආරම්භ කෙරිණි.
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහර අද (05) රාත්‍රියේ වීදි සංචාරය කළේය.
දවසකට අලුතින් පිළිකා රෝගීන් 105ක් හඳුනා ගන්නා බව ජාතික පිළිකා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ඉෂානි ප්‍රනාන්දු මහත්මිය පැවසුවාය.
සිංහල සංස්කෘතික ආයතනය පවත්වාගෙන යාම සහ එහි ඉදිරි කටයුතු වෙනුවෙන් සුදුසු අමාත්‍ය මණ්ඩල සංදේශයක් සකස් කර ඉදිරිපත් කරන ලෙස ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා වෙත උපදෙස් දුන්නේය.
75 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ සමරු මුද්දරය සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ විශේෂ සමරු කාසිය ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා වෙත පිළිගැන්වීම අද (02) පෙරවරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේ දී සිදු විය.
බොලිවුඩයේ සුපිරි තරු යුගලක් වන සංජය කපූර් හා චුන්කි පාන්ඩේ කෙටි සංචාරයක් සඳහා දිවයිනට පැමිණ ඇති අතර එහි දී සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා හමු වී තිබේ.
2022 ජනවාරි මාසයට සාපේක්ෂව 2023 ජනවාරි මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණිණි සංචාරකයින් සංඛ්‍යාවේ පැහැදිලි වර්ධනයක් දැකිය හැකි බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.
පුනර්ජනනීය බලශක්තිය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 100 ක ඉන්දියානු රජයේ ණය යටතේ රජයේ ගොඩනැගිලි රැසකට සූර්යය පැනල ලබා දෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.
Page 150 of 749