කෝරලේ කංකානමලාගේ රවිඳු වර්ණරංගන නොහොත් බූරුමූණා නමැත්තා කටුනායක ගුවන්තොටුපොළ පොලිසියේ නීත්‍යනුකුල අත්අඩංගුවේ රඳවාගෙන සිටියදී අත්අඩංගුවේන් මිදී පැනයෑමට ආධාර අනුබල දීම, කුමන්ත්‍රණය කිරීම පලායෑමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම්, රැකවරණය සලසා සඟවා තබාගැනීම ඇතුළු චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවන් 7 දෙනකු මෙමස 31 දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් චම්පික රාජපක්ෂ මහතා ඊයේ (24) නියෝග කර තිබේ.
බැක්ටීරියාවක් හරහා ඇතිවෙන ලිස්ටීරියෝසිස් හෙවත් ලිස්ටීරියා නම් රෝගී තත්ත්වය ප්‍රතිශක්ති උණතා තිබෙන පුද්ගලයින්ට සංකූලතා ඇති කළ හැකි බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.
වනජීවී සංරක්ෂණ කලාපවල අලි ඇතුන් ගම්වැදීම වැළැක්වීම සඳහා අලි අගල් කැපීමට හිටපු වනජීවී අමාත්‍යවරයා ඇතුළු බලධාරීන් ගෙන තිබූ තීරණයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කළේය.
විදේශ රැකියා සඳහා ස්වයං මාර්ගයෙන් විදේශ ගතවන ශ්‍රි ලාංකිකයින්ට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පළමු ලියාපදිංචිය හා තමන් විසින් මීට පෙර ලබාගත් ලියාපදිංචිය දීර්ඝ කර ගැනීම සඳහා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අයදුම්කිරීම සඳහා පහසුකම් සැලසීමට කාර්යාංශය මේ වන විටත් අවස්ථාව සලසා දී ඇත.
ඌවපරණගම මස්පන්න ගම්මානයේ නිවසක ඇදක් වටා සවිකර තිබු ලී වැටක සිරවීමෙන් මාස හතක දැරියක් ඊයේ (23) සවස මියගොස් ඇති බව පොලිසිය පවසයි
මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ මින්පසු ස්ථිර සහ දෛනික සුරාබදු බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවන ලෙස මහරගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා උපදෙස් ලබාදී ඇත.
මාර්තු 12 ට යෙදී තිබූ ලෝක ග්ලෝකෝමා දිනයට සමගාමීව ග්ලෝකොමා රෝගීන් කල්තියා හදුනා ගැනීම සදහා වූ විශේෂ අක්ෂි සායනයක් පසුගියදා (18) රත්නපුර ශික්ෂණ රෝහල් පරිශ්‍රයේ දී පැවැත්විණි.
ලෝක ක්ෂය රෝගය තුරන් කිරීමේ දිනය අදට යෙදී තිබේ. සෑම වසරකම මාර්තු මස 24 වෙනිදා ලෝක ක්ෂය රෝගය තුරන් කිරීමේ දිනයට සමගාමීව ජනතාව දැනුවත් කරමින් වැඩසටහන් රැසක් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ අනෙකුත් ජාත්‍යන්තර හවුල්කරුවන්ගේ සහයෝගය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය කෘතඥතාව පළ කරයි.
ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොරලරයේ මිල අද (20) ඉතා සුළු පහළ යාමක් සිදුව තිබේ.
ලිස්ටීරියෝසිස් වසංගත තත්ත්වයක් රට තුළ නොමැති බවත් ඒ පිළිබඳව අනිසි බියක් ඇති කරගත යුතු නොමැති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝගවිද්‍යා අංශය නිවේදනය කරයි.
අලුත්ගම මොරගල්ල මුහුදු තීරයේ දෙස් විදෙස් සංචාරකයන් දිය නාමින් සිටින ස්ථානයට අඩි දහයක පමණ දිග කිඹුලෙක් අද (19)පැමිණ ඇතැයි මොරගල්ල සංචාරක පොලිසිය පවසයි.
සේවක හිඟය නිසා බරපතල අර්බුධ රැසකට මුහුණ පා තිබූ ආයුර්වේද සේවා සහායක හිඟය මග හරවාලමින් බහුකාර්ය සංවර්ධන නිලධාරීන් 322 දෙනෙකු සඳහා III ශ්‍රේණියේ ආයුර්වේද සේවා සහායක පත්වීම් ප්‍රදානය කිරීම දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) රාජගිරියේ පිහිටි කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය පීඨයේදී සිදු කෙරිණ.
ගුරු මාරු වීම් නිසා, සිසුන්ගේ අධ්‍යාපනයට යම් ගැටලුවක් ඇති වේ නම් එවැනි මාරු වීම් තවදුරටත් කල්දමා ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අද(21) පාර්ලිමේන්තුවේදී පැවසීය.
සෞදි අරාබි රාජ්‍යය ශ්‍රී ලංකාවේ ජනතාව අතර බෙදාදීම සඳහා රට ඉඳි ටොන් 50ක් පරිත්‍යාග කර තිබේ.
Page 144 of 749