බුස්ස බන්ධනාගාරයේ විශේෂ අංශයට ඇතුල්වන දෙවැනි දොරටුව අසල පොළව යට වලදමා තිබියදි කුඩා ප්‍රමාණයේ ජංගම දුරකථන 05ක්, චාජර් 05ක් සහ සිම්කාඩ්පත් කිහිපයක් සොයාගෙන තිබෙනවා.
මහනුවර ප්‍රදේශ කිහිපයකට 08 දිනයේ පැය 08 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.
බිත්තර මිල සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සහ බිත්තර නිෂ්පාදකයින් අතර සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.
මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා නුගේගොඩ ප්‍රදේශයේ උපකාරක පන්ති පවත්වන ස්ථානයක ජීව විද්‍යා විෂයට අදාළ සම්මන්ත්‍රණයක් රාත්‍රී 09 සිට උදෑසන 06 දක්වා පවත්වා ඇති බව වාර්තා වනවා. ඒ සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවල සිසුන් ඇතුළු 1200 ක් පමණ සහභාගී වී ඇති බවයි වාර්තා වුණේ.
කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ ඊයේ උදෑසන 06 යි 30 සිට උදෑසන 10 දක්වා සිදුකෙරුණු විශේෂ ප්‍රවේශපත්‍ර පරීක්ෂාවකදී වලංගු ප්‍රවේශපත්‍රයක් නොමැතිව දුම්රියේ ගමන්කළ 124 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Page 129 of 718