Friday, June 20, 2025
Follow Us
කොළඹ වෙස්ලි විද්‍යාලයේ 150 වන සංවත්සරයට රුක් රෝපණ වැඩසටහනක්

2024 මාර්තු මාසයට යෙදී තිබෙන කොළඹ වෙස්ලි විද්‍යාලයේ 150 වන සංවත්සරය නිමිත්තෙන් සංවිධාන වන විශේෂ වැඩසටහන් අතර රුක් රෝපණ වැඩසටහනක් පසුගියදා පැවැත්විණ.

මෙම පැල කොළඹ 9, වෙස්ලි විද්‍යාල පරිශ්‍රයේ, හැව්ලොක් සහ තම්පොළ පිහිටි එම විද්‍යාලයේ ප්‍රාථමික පාසල් ද්විත්වයේ සහ වෙස්ලි විද්‍යාලයීය ක්‍රීඩාංගනයේ දී රෝපණය කෙරිණ.

ඒ විද්‍යාලයේ විදුහල්පති, ගුරුභවතුන්, වර්තමාන ශිෂ්‍යයන්ගේ සහ ආදිශිෂ්‍යන්ගේ ද සහභාගීත්වයෙනි.

විවිධ ජනවර්ග සහ ආගම්වලට අයත් සිසුන් 3000ක් පමණ දැනට අධ්‍යාපනය ලබන වෙස්ලි විද්‍යාලය 1874 දී ආරම්භ කර තිබෙන, විශිෂ්ටයින් රැසක් දැයට දායාද කළ මෙරට පැරණිතම පාසලකි.