Tuesday, November 11, 2025
Follow Us
Social and Equity

ශ්‍රී ලංකාවට ලැබෙන විදේශ රැකියා ප්‍රමාණයෙන් දැනට පුහුණු ශ්‍රමිකයන් ලෙස විදේශගත වීම ඉතා දුර්වල මට්ටමක පවතින බැවින් පුහුණු ශ්‍රමිකයන් විදේශගත කිරීම සඳහා NVQ  තත්ත්ව සහතිකය සහිත ශ්‍රමිකයන් ගම්පහ දිස්ත්‍රික්කයෙන් බිහිකිරීම අරමුණු කරගත් සාකච්ඡාවක් ගම්පහ දිස්ත්‍රික් ලේකම් සමන් දර්ශන පාඬිකෝරාල මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(18) ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.

Social and Equity

වසර 14කට පසු මහපොළ අධ්‍යාපනික හා වෙළෙඳ ප්‍රදර්ශනය එළඹෙන දෙසැම්බර් මස 13 වනදා සිට 17 වනදා දක්වා ජා ඇළ නගරසභා ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර ඒ වෙනුවෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ (16) වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතාගේ මූලිකත්වයෙන් පැවැත්විණ.

Social and Equity

යහපාලන ආණ්ඩුවට පෙර පැවැති පාලන සමයේ (2010-2015) ඉදිකිරීම් ඇරඹූ යාපනය ජනාධිපති මන්දිර පරිශ්‍රය ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයට (SLIIT) බදු දීමට රජය තීරණය කර තිබේ.

Social and Equity

මෙරට තොරතුරු තාක්ෂණ අංශයේ රැකියා අවස්ථා විසිදහසක් වාර්ෂිකව ඇති වන නමුත්, එම රැකියා පුරප්පාඩු පියවීමට අවශ්‍ය පුහුණු ශ්‍රම බළකායේ හිඟයක් ඇති බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පැවසීය.

Social and Equity

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකාය විසින් චීනයේ ෂුජියන් පළාතේ බාඕලියන් සෙන් විහාරයේ විහාරාධිපති ෂී වූ යැං නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත  ලෝකත්ථචාරී සංඝශෝභන ලංකාභිමිත්‍ර ධම්ම ඝෝෂ ර්‍ණ ගෞරව නාමය පිරිනැමීම කොළඹ නාරාහේන්පිට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය මහා සංඝ මූලස්ථානයේ දී පසුගියදා උත්සවාකාරයෙන් සිදු කෙරිණි.

Social and Equity

මේ දිනවල පාසල් දරුවන් සහ වැඩිහිටියන් අතර සීඝ්‍රයෙන් ඇස් රෝගයක් පැතිර යන බැවින් එම රෝගය වළක්වා ගැනීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත්ව කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ මධ්‍ය විධායක සභික ,මහජන සෞඛ්‍ය පරීක්ෂක රෝෂන් කුමාර මහතා පවසයි.

Social and Equity

රජයේ රෝහල්වල කාර්යක්ෂමතාවය ඉහළ නංවමින් රෝගීන්ට ප්‍රශස්ත සේවාවක් ලබාදීම වෙනුවෙන් හඳුන්වා දුන් රෝහල් සෞඛ්‍ය තොරතුරු කළමනාකරණ පද්ධතිය (Hospital Health Information Management System)   මේ වන විට රෝහල් අසූවක පමණ සාර්ථක ලෙස ක්‍රියාත්මක වේ.

Social and Equity

1. පෑන් පැන්සල් කවකටු පිහියා වැනි තියුණු උපකරණ අන් අය වෙත විසි කරන්න එපා. ඉතා කුඩා දරුවන්ට ඒවා ලබා නොදෙන්න 

Social and Equity

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූවත් ඉමදූවත් අතර අධිවේගී මාර්ගයට පස් කන්දක් කඩා වැඩීම හේතුවෙන් බස්රථ ගමනාගමනයට බාධ ඇති වී ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතා සඳහන් කරයි.

Social and Equity

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමාජ සත්කාරක ව්‍යපෘතිය යටතේ ඉදිකළ 983 වන ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය අනුරාධපුර ථූපාරාම පුදබිම පරිශ්‍රයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) විවෘත කර ජනතා අයිතියට පත් කෙරිණි.

Social and Equity

ජාතික මීලාද්-දුන්-නබි සැමරුම් උත්සවය නිමිත්තෙන් සැමරුම් උලෙළක් මන්නාරම දිස්ත්‍රික්කයේ මුසලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සිලාවතුරෛ මුස්ලිම් මහා විද්‍යාලයේ දී ඔක්තෝබර් (22) පැවැත්වීමට නියමිතය.

Social and Equity

නාගරික ප්‍රදේශවල ගස් කඩා වැටීම වැළැක්වීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග හා ඇතිවිය හැකි අනතුරු අවම කරගැනීම සම්බන්ධයෙන් ගත හැකි පියවර පිළිබඳව සාකච්ජාවක් ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11) කොළඹ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දී පැවැත්විණ.

Social and Equity

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන ප්‍රවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටල්, ආපනශාලා සහ සංචාරකයන්ට නවාතැන් හා සේවා සපයනු ලබන සංචාරක ආයතන සඳහා බියර් හා වයින් ඇතුළු මෘදු මත්පැන් භාවිත කිරීම සඳහා ලබා දී තිබූ අවසරය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට සුරාබදු කොමසාරිස් ජනරාල් විසින් නියෝග කර තිබේ.

අභියාචනාධිකරණයේ විභාග වෙමින් පවතින 371/2023 නඩුවෙහිදී ‍ අධිකරණය විසින් ලබාදෙන ලද වාරණ නියෝගයන්ට අනුව සුරාබදු කොමසාරිස් ජනරාල් විසින් මෙම නියෝගය සිදු කර ඇත.

අභියාචනාධිකරණය මගින් ලබාදෙන ලද එකී වාරණ නියෝගයන්ට අනුව පහත දැක්වෙන පියවර ගැනීමට සුරාබදු කොමසාරිස් ජනරාල් විසින් නියෝග කර ඇත.

 

  i.        මේ දක්වා නිකුත් කොට ඇති සියලු මෘදු මත්පැන් අවසර වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීම.

 

  ii.       මින් ඉදිරියට මෘදු මත්පැන් අවසර සඳහා අයැදුම්පත් නිකුත් කිරීම අත්හිටුවීම.

 

 iii.       මෙම මෘදු මත්පැන් අවසරයට අදාළ  අංක 05/2022 දරණ සුරාබදු නිවේදනය බලාත්මක වන දිනය අත්හිටුවීම.

 

 අභියාචනාධිකරණයේ නියෝග අනුව ඉහත කී වාරණා නියෝග එකී නඩුවේ අවසන් තීන්දුව ප්‍රකාශයට පත්කරන දිනය තෙක් බලපැවැත්වෙන බව සුරා බදු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.  මෙම අභියාචනාධිකරණ නඩුකරය 2023. 11. 13 දින නැවත කැඳවීමට නියමිතය.

Social and Equity

ශ්‍රී ලංකා නාවික හමුදාව, තලෛයිමන්නාරම, ඌරුමලේ වෙරළ ප්‍රදේශයේ අද  ( 16)අළුයම් කාලයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, අයිස් (Crystal Methamphetamine) කිලෝග්‍රෑම් හතරකට (04) අධික තොගයක්, හෙරොයින් කිලෝග්‍රෑම් එකක (01) පමණ ප්‍රමාණයක් සහ හෂීස් කිලෝග්‍රෑම් පහකට (05) අධික තොගයක් සමඟ ඩිංගි යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

Social and Equity

මෙරට පෙරපාසල් අධ්‍යාපනය, සාමාන්‍ය පාසල් අධ්‍යාපනය, වෘත්තීය පුහුණු අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනය යන ක්ෂේත්‍ර හතර ම ලොව වෙනත් දියුණු රටවල පවතින අධ්‍යාපන ක්‍රමවේද අනුව එම පාඨමාලා හා සම්පත්වලට සමගාමී ව සංවර්ධනය කර ඉදිරියේ දී මෙරට අධ්‍යාපන පද්ධතිය ජාත්‍යන්තර තලයට රැගෙන යන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. කෝපායී ගුරු අභ්‍යාස විද්‍යාලයේ ශතසංවත්සර උත්සවයට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසී ය.

Social and Equity

මේවන විට ඊශ්‍රායලයේ පවතින ගැටුම් හේතුවෙන් ඇතිව තිබෙන හදිසි තත්ත්වයට මුහුණදෙන ශ්‍රී ලංකික ශ්‍රමිකයින්හට අවශ්‍ය කරනු ලබන  පහසුකම් සැපයීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින්  ඇමරිකානු ඩොලර් 10,000ක මුදලක් ඊශ්‍රායලයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත ලබා දී තිබේ.

Social and Equity

කම්කරු දෙපාර්තමේන්තුව සඳහා බඳවා ගනු ලැබූ නවක කළමනාකරණ සේවා නිලධාරීන් සඳහා වන සේවාරම්භක පුහුණු වැඩමුළුව කම්කරු හා විදේශ කටයුතු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්විණි.

Social and Equity

ශ්‍රී ලංකා නාවික හමුදාව, ආරක්‍ෂක අමාත්‍යංශය සහ Geopolitical Cartographer (GC) ආයතනය හා එක්ව 11 වන වරටත් සංවිධානය කරනු ලබන ගාලු කථීකාව අන්තර්ජාතික සමුද්‍රීය සම්මන්ත්‍රණය මෙවර ගාල්ලේදී  ජනාධිපති,  රනිල් වික්‍රමසිංහ මහතාගේ  ප්‍රධානත්වයෙන් හෙට (12) ආරම්භ වීමට නියමිතයි.