Friday, May 16, 2025
Follow Us
කාන්තා ආසියානු කුසලානයේ ජය කාටද?

2024 කාන්තා පන්දුවාර විස්සයි-20 ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශූරයින් තීරණය වන අවසන් මහා තරඟය අද(28) ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙනවා.

 

තරඟය සවස 3.00 දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

ඒ අනුව පලමු වටයේ සහභාගී වූ තරඟ සියල්ලම ජයග්‍රණය කරමින් ශ්‍රී ලංකා සහ ඉන්දීය කාන්තා කණ්ඩායම් අපරාජිතව අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

පලමු අවසන් පූර්ව තරඟයේදී ඉන්දීයාව විසින් බංග්ලාදේශ කණ්ඩායම පරාජයට පත් කළ අතර දෙවන අවසන් පූර්ව තරඟයේදී ශ්‍රී ලංකාව විසින් පකිස්තාන කාන්තා කණ්ඩායම පරාජයට පත් කරමින් අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබීය.

ශ්‍රී ලංකා කාණ්ඩායමේ නායිකා චමරි අතපත්තු 4කදී ලකුණු ලකුණු 243ක් රැස් කරමින් මෙවර තරඟාවලියේ වැඩිම ලකුණු ලාභීන් අතර පෙරමුණ ගැනීමට සමත්ව තිබෙන අතර ඉන්දීය ක්‍රීඩිකා දීප්ති ශර්මා ඉනිමකදී කඩුලු 9ක් දවා ගනිමින් කඩුලු ලාභීන් අතර පෙරමුණ ගැනීමට සමත්ව තිබේ. ඒ අනුව දෙරට තියුණු තරඟයක් දැක ගැනීමේ අවස්ථාව ක්‍රීඩා ලෝලීන්හට අවස්ථාව හිමිවනු ඇත.