විදේශ සේවා නියුක්ති කාර්යාංශය නුවරඑළිය දිස්ත්‍රික් කාර්යාලයක් ස්ථාපනය කර විවෘත කිරීම කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී සිදු කෙරිණි.
වර්තමාන රජයේ ප්‍රතිපත්තිය දීර්ඝ කාලීන දඩුවම් ලබාදීමට වඩා පුනරුත්ථාපන ක්‍රියාවලිය මඟින් වැරදිකරුවන් යහමාර්ගයට ගැනීම බවත් එම ක්‍රියාවලිය තුළින් බන්ධනාගාර තදබදයට විසදුමක් ලබාගතහැකි බවත් අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
උපත් අනුපාතිකයේ පහත වැටීමක් හේතුවෙන් ඉදිරියේදී ශ්‍රී ලංකාව තුළ ජනගහනයේ සැලකිය යුතු පරිහානියකට මුහුණ දෙනු ඇතැයි කොළඹ විශ්වවිද්‍යාලයේ ජනවිකාශන විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්ය ඉන්ද්‍රලාල් ද සිල්වා පවසයි.
වර්තමානයේ ශ්‍රී ලංකාවේ උපත් අනුපාතය 25% කින් පහත වැටීම අනාගත ජනගහන පරිහානියට ප්‍රධාන හේතුවක් ලෙස ඔහු හඳුනාගෙන තිබේ.
2022 වසරේ ශ්‍රී ලංකාවේ වාර්තා වන උපත් සංඛ්‍යාව, 2013 වසරේ වාර්තා වූ උපත් සංඛ්‍යාවට සාපේක්ෂව 90,000ක අඩුවීමක් පෙන්නුම් කරන බව සඳහන් කළ ඔහු වත්මන් උපත් අනුපාතය මරණ සංඛ්‍යාවට ආසන්න වෙමින් පවතින බව පෙන්වා දෙයි.
රටේ තරුණ තරුණියන් පිටරටවලට සංක්‍රමණය වීම හේතුවෙන් මෙම තත්ත්වය තවදුරටත් පිරිහීමට ලක්විය හැකි බවට ද මහාචාර්යවරයා අනතුරු අඟවයි.
-Aruna
මඩකලපුව නගරයේ ඉදිකරන ලද නැගෙනහිර පළාත් තැපැල් පරිපාලන සංකීර්ණය ජනතා අයිතියට පත් කිරීම ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
තැපැල් දෙපාර්තමේන්තුවේ ප්‍රතිපාදන යටතේ රු. කෝටි 45ක ආයෝජනයකින් ඉදිකළ මෙම පස් මහල් තැපැල් පරිපාලන සංකීර්ණය තුල නැගෙනහිර නියෝජ්‍ය තැපැල්පති කාර්යාලය,ප්‍රාදේශීය තැපැල් අධිකාරී කාර්යාලය,දිසා පාලන නිලධාරී කාර්යාලය,දිසා ගණකාධිකාරී කාර්යාලය, තැපැල් අභ්‍යාස ආයතනය ඇතුළු අංශ රැසක් ස්ථාපනය කර ඇත.
ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා, ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා, ආහාර සුරක්ෂිතතා සහ වෙළඳ රාජ්‍ය අමාත්‍ය එස් වියලෙන්ද්‍රන් මහතා,ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් අනුෂ පැල්පිට මහතා, මඩකලපුව දිස්ත්‍රික් ලේකම් ජේ. ජේ. මුරලිදරන් මහත්මිය, තැපැල්පති රුවන් සත්කුමාර මහතා ඇතුළු ආරාධිතයින් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව අද පැවති දෙවන එක්දින තරගය කඩුලු 2කින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්විය.
එහිදී ශ්‍රී ලංකාව ජයග්‍රාහී මාවතට ගෙන ඒමට ආරක්ෂාකාරී ඉනිමක් ක්‍රීඩා කළ ජනිත් ලියනගේ ලකුණු 95ක් රැස්කරගත්තේය.
සිය මංගල එක්දින අර්ධ ශතකය සමගින් ගොඩ නැගූ ඔහුගේ එම ආරක්ෂාකාරී ඉනිමට හයේ පහර 2ක් සහ හතරේ පහර 6ක් ඇතුළත් විය.
නායකයාගේ සිට කණ්ඩායමේ සෙසු පිතිකරුවන් සුපුරුදු පරිදි වගකීම් විරහිත පිතිකරණයක නියැලෙද්දී අවසානයේ පිටියට පිවිසි දුෂ්මන්ත චමීර සහ මහීෂ් තීක්ෂණ කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙනගියේය.
ඒ අනුව ජනිත්ගේ පිත්තේ ආනුභාවයෙන් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ කර මතින් පන්දුවාර 49කදී කඩුලු 8ක් දැවී ලකුණු 211ක් රැස්කරගනිමින් තරගයේ ජය හිමිකරගත්තේය.
ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 208ක් රැස්කරගත්තේය.
එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ මහීෂ් තීක්ෂණ ලකුණු 31කට කඩුලු 4ක් දවාගත්තේය.
දුෂ්මන්ත චමීර සහ ජෙෆ්රි වැන්ඩසේ කඩුලු 2 බැගින් දවාගත්තේය.
සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කළ ක්‍රේග් අර්වින් හයේ පහරක් සහ හතරේ පහර 9ක් සමග ලකුණු 82ක් රැස්කරගත්තේය.
Aruna
අපරාධ ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයන් හඳුනාගැනීම සඳහා ස්වයංක්‍රීය මුහුණු හඳුනාගැනීමේ පද්ධතියක් කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළේ අද (06) ස්ථාපනය කෙරුණි.
ෙප්‍රවාහන ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් රචිත "2024 අය වැය ආර්ථික විද්‍යාත්මක හෝරාවක් " කෘතිය ජන ගත කිරීම ඊයේ (10) ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී සිදු විය.
උතුරේ සංචාරය අතරතුර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යාපනය රියො අයිස් ක්‍රීම් වෙළඳසැලට පැමිණ අයිස් ක්‍රීම් රස බැලීමට ද අමතක නොකළේය.
ඩෙංගු රෝග වැළැක්වීම සහ පාලනය කිරීමට අදාළ මහජන ඇමතුම් සදහා ක්ෂණික ඇමතුම් අංකයක් ස්ථාපිත කිරීමට කටයුතු කළ බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා සදහන් කරයි.
හිටපු ජනාධිපති ලේකම්වරයෙකු වූ ඔස්ටින් ප්‍රනාන්දු මහතා විසින් රචිත “මම ඔස්ටින්“ කෘතිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම ඊයේ (09) ජනාධිපති කාර්යාලයේදී සිදු විය.
දේශගුණික විපර්යාස පිළිබද අන්තර්ජාතික මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාවේ ඉදිකරන බව පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
නිවසක සුරතලයට ඇති කරන බලු පැටවකු හිමිකරුට අයත් ඩොලර් 4000ක් වටිනා නෝට්ටු සපාකා විනාශ කළ පුවතක් අමෙරිකාවෙන් වාර්තා වේ.
ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ට වැඩිදුරටත් ආරක්ෂාවක් සැපයීම හා ඇතැම් සංචාරක කලාපවල පවතින ගැටලුකාරී තත්ත්වයන් සඳහා විසඳුම් ලබාදීම වෙනුවෙන් ශ්‍රී ලංකා පොලීසියේ සහය ලබාගත හැකි ආකාරය පිළිබඳව විශේෂ සාකච්ඡාවක් සංචාරක හා ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේ දී පැවැත්විණ.
ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය විසින් ප්‍රථම වරට විශේෂ අවශ්‍යතා සහිත (ඔටිසම් -Autism Spectrum Disorder) සිසුන් වෙනුවෙන් තොරතුරු තාක්ෂණ පුහුණු පාඨමාලාවක් (Information & Communication Technology Technician NVQ Level 2) ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර මෙම වැඩසටහන මගින් විශේෂ අවශ්‍යතා සහිත සිසුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නංවා වෘත්තියක් සඳහා අවශ්‍ය කුසලතා හා රැකියා අවස්ථා ලබාදීමට එම අධිකාරිය සැලසුම් කර තිබේ.
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ “Zee Tamil” නාලිකාව විසින් සංවිධානය කළ “little champs 2023” රියැලිටි තරගයේ කිරුළ හිමිකරගත් කිල්මීෂා උදයශීලන් දියණිය, සිය පවුලේ සාමාජිකයන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය.
ජනාධිපතිවරයාගේ යාපනය සංචාරය අතරතුර මෙම හමුව සිදු විය.
14 හැවිරිදි කිල්මීෂා උදයශීලන් දියණිය යාපනය ප්‍රදේශයේ පදිංචිකාරියක වන අතර ශ්‍රී ලාංකික දැරියක් ඉන්දීය රියැලිටි තරගයක ජය හිමිකරගත් පළමු අවස්ථාව ද මෙය වේ.
කිල්මීෂා උදයශීලන් දියණිය රටට ලබාදුන් කීර්තිය අගයමින් ඇය වෙත සුබපැතුම් පළ කළ ජනාධිපතිවරයා ඇයගේ ඉදිරි අධ්‍යාපන මෙන්ම සංගීත දිවිය ද සාර්ථක කර ගැනීමට සිය ආශිර්වාදය පළ කළේය.
කිල්මීෂා උදයශීලන් දියණිය මෙහිදී ජනාධිපතිවරයා ඉදිරියේ ගීතයක් ද ගායනා කරනු ලැබීය.
Page 80 of 726