Thursday, May 08, 2025
Follow Us
නාවික හමුදාවෙන් ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථාන 06ක් ජනතා අයිතියට

ජනාධිපති ලේකම් කාර්යාලයේ මූල්‍ය ප්‍රතිපාදන මත, නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය සහ නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය මඟින් නිපදවන ලද ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු යන්ත්‍ර 31 ක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ස්ථාන 31 ක ස්ථාපනය කිරීමේ විශේෂ ව්‍යාපෘතිය යටතේ, කැකිරාව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ උඩුගම කොළනිය, කුඩා කැකිරාව, කසාගල පුරාණ රජමහා විහාර භූමිය, ඉහළ පුලියන්කුලම සහ ඉපලෝගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් හපදියාගම හා තිලකපුර යන ප්‍රදේශවල ස්ථාපනය කරන ලද ජල පිරිපහදු මධ්‍යස්ථාන හයක් (06) ජනතා අයිතියට පත් කිරීම, 2024 දෙසැම්බර් මස 11 වැනි දින සිදු කෙරිණි.

ඒ අනුව, මෙම විශේෂ ව්‍යාපෘතිය යටතේ මේවන විට ජල පිරිපහදු මධ්‍යස්ථාන 22 ක් ස්ථාපනය කෙරුණු අතර, අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැකිරාව, කහටගස්දිගිලිය, නොච්චියාගම, සහ තිරප්පනේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන් තුල ස්ථාපනය කෙරෙන තවත් ජල පිරිපහදු මධ්‍යස්ථාන 08 ක් දෙසැම්බර් මස 13 වැනි දින වන විට ජනතා අයිතියට පත් කිරීමට නියමිතව ඇත.