Monday, November 10, 2025
Follow Us
Social and Equity

පොලිස් නිලධාරින් සිවිල් ඇඳුමින් රාජකාරි සිදු කරන අවස්ථාවල දී පරීක්‍ෂා කිරීම් සඳහා රථවාහන නැවැත්වීට කටයුතු නොකරන ලෙසට තමන් නව උපදෙස් මාලාවක් ලබා දුන් බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි. ඊයේ(19) මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩබලන පොලිස්පතිවරයා මේ බව පැවසීය.

Social and Equity

අප රටේ ජෛව විවිධත්වයේ සංකේතයක් වූ වන අලි සම්පත දිනෙන් දින මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වඳවී යාමේ තර්ජනයකට ලක්ව ඇත. ගණනය කිරීම් වලට අනුව 6000 ක් පමණ වූ ශ්‍රි ලංකාවේ වන අලි ගහනයෙන් 2023 වර්ෂයේ පමණක් විවිධ මිනිස් ක්‍රියාකාරකම් හේතුකොට ගෙන 474 දෙනෙකු මරණයට ලක්වී ඇත. ඒ අතරින් ලංවිම විදුලි සැපයුම අනවසරයෙන් වැටවල්වලට හෝ රැහැන්වලට සම්බන්ධ කිරීම මඟින් අලි ඇතුන් 50 දෙනෙකු පමණ මරණයට පත්වී ඇති බව වාර්තා වී ඇත.

Social and Equity

ජාත්‍යන්තර සාධාරණ වෙළඳාම ඉදිරියට ගෙන යාම සහ ජාත්‍යන්තර සහයෝගීතාවය වර්ධනය කිරීම සඳහා වූ වැදගත් පියවරක් ලෙස, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සාධාරණ වෙළඳ ජාලයන් සමඟ සහයෝගීතා රාමුවට ((Framework of Cooperation – FOC)) නිල වශයෙන් අත්සන් කිරීම පසුගියදා කොළඹ දී සිදුවිය .

Social and Equity

A collaborative effort led by the Export Development Board (EDB) alongside Sri Lankan universities, the Tropical Ornamental Fish Association and Sri Lanka Ornamental Fish Farmers’ Association organised a one-day workshop on 11 January. 

Social and Equity

දැනට වෙළෙද පලේ ඉහළ මිලකට අලෙවි වන ආහාර ද්‍රව්‍ය රැසක් අවම මිල ගණන් යටතේ පාරිභෝගික ජනතාවට ලබා දීමට රජයට අයත් කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලය විසින් පියවර ගෙන තිබේ.

Social and Equity

මිහිමව සනසා මනුලොව සරසා මහ රුක් පූජා 2024 වර්ෂයේ පළමු අදියරේ වැඩසටහන අනුරාධපුර මහමෙව්නා උයන සහ තිසාවැව පාදක කර ගනිමින් ක්‍රියාත්මක කරන ලදී. අඹ, දිවුල්, අලිගැට පේර ආදී පළතුරු පැළ සහ ඇසළ, මී, කුඹුක් වැනි ප්‍රදේශයට ආවේණික ශාක රෝපණය කිරීම මෙහිදී සිදුකෙරිණි.

Social and Equity

The three-day Jaffna International Trade Fair 2024 kicked off yesterday as part of its pivotal role in fostering economic growth and community development in the Northern Province.

Social and Equity

මත්ද්‍රව්‍ය භාවිත කොට පොදු ප්‍රවාහන සේවාවේ නිරත රියදුරන් අත්අඩංගුවට ගැනීමේ වැඩපිළිවෙලක් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

Social and Equity

කැලණි ගියේ රු. 25,000කට කුලියට ගත් ලිමොසින් කාරයෙන්

යූටියුබ් නාළිකා 5ක් – අගසව්වන් දෙදෙනෙක්

අනුගාමිකයන් 300ක් – සා.පෙළ අසමත්

බිරිය දරුවන් ඊජිප්තුවේ

සැකකරු අංගොඩ මානසික විද්‍යායතනයට යොමු කර ලබන 24 වැනිදාට පෙර මානසික වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ගොනු කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර කොමසාරිස්වරයාට නියම කළේය.

අවලෝකිතේශ්වර බෝධිසත්ත්වයන් නම් බෝධිසත්ත්වයකු වශයෙන් පෙනී සිටිමින් අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය හරහා බුදු දහම විකෘති කරන ආන්දෝලනාත්මක ප්‍රකාශයක් ඇතුළත් දේශනා පවත්වා බෞද්ධ ජනයා තුළ සිත් රිදවීම් ඇති කළ බව කියන මහින්ද කොඩිතුවක්කු නමැත්තා ලබන 24 වැනිදා තෙක් රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (16) නියෝග කළේය. පැමිණිල්ල වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව සහ සැකකරු වෙනුවෙන් ඔහුගේ නීතිඥයා කරුණු දක්වන අවස්ථාවේදී සැකකරු විත්ති කූඩුවේ සිට ප්‍රතිචාර දක්වමින් ඔහුගේ අංග චලනයෙන් කළ සංඥා අධිකරණය නිරීක්ෂණය කළ බවත් සැකකරු යම් මානසික ව්‍යාකූලතාවකින් පෙළෙන බවට ඉන් නිරීක්ෂණය වූ බවත් කී මහේස්ත්‍රාත්වරයා සැකකරු සිදු කළ ප්‍රකාශ හේතුවෙන් මහජන කැලඹීමක් සිදු වේ යැයි කියමින් ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළේය.

පන්නිපිටිය වීර මාවතේ පිහිටි කුලී නිවෙසක සැඟවී සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් කරුණු දක්වමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කළ ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා මෙම නියෝගය නිකුත් කළේය.

නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි දිලීප පීරිස් මහතා අධිකරණයට කියා සිටියේ මොහු මානසික ආබාධයකින් පෙළෙන බවත් දඬුවම් ලබා නොදී අනුකම්පා කළ යුතු බවත්ය. සැකකරුට ප්‍රතිකාර දිය යුතු බව කී දිලීප පීරිස් මහතා සැකකරුට දඬුවම් අපේක්ෂා නොකරන බවත් ප්‍රතිකාර සඳහා යොමු කරන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය. සැකකරුට ඇප ලබා දුනහොත් ප්‍රබල මහජන කැලඹීමක් සිදු විය හැකි බැවින් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් ඉල්ලා සිටියේය.

“රටේ වාසනාවට මෙම දින 12හිදී සිදු වීමට ගිය හානිය වළක්වා ගන්න හැකි වුණා. මේ වන විට දින 14ට රුපියල් ලක්ෂ 15ක මුදලක් ඔහු වැය කරලා. 2016දී විශේෂ ඥානයක් ලැබූ බව කියමින් ලංකාව පරිහානියට ලක් වීම නිසා මෙරටට පැමිණි බවට දේශනා සිදු කර තිබුණත් ඊජිප්තුවෙන් පිටුවහල් කර තිබෙන්නේ වීසා නැති නිසයි. සැකකරු කුලියට ගත් නිවෙස අයත් වන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයකුගේ බිරියකටයි. සැකකරුට බෞද්ධ ජනයාගෙන් ජීවිත තර්ජන තිබෙන බැවින් සැලසුම්සහගතව මෙවැනි පරිසරයක සැඟවී සිට තිබෙන්නේ. යූටියුබ් නාලිකා 5ක් භාවිත කර තිබෙනවා. මොහුගේ ප්‍රධාන අනුගාමිකයන් කිහිපදෙනකු සිටිනවා. අග සව්වරුන් දෙදෙනකු සිටින බවට කියා තිබෙනවා. එක් අයකු පුණ්‍යසිරි කියන පොලිස් සැරයන්වරයෙක්. තවත් දෙදෙනකු වෛද්‍යවරුන්. ඔස්ට්‍රේලියාවේ පදිංචි අයකුත් සිටිනවා. අනුගාමිකයන් 300ක් සිටින බවට කියා තිබෙනවා“ යැයිද දිලීප පීරිස් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුර වාර්තාවක් ගොනු කරමින් මෙසේ කරුණු දැක්වීය.

සැකකරු අත්අඩංගුවට ගත්තේ පන්නිපිටිය වීර මාවතේ පිහිටි කුලී නිවෙසක සිටයි. 1979.6.23 බරවාකුඹුරදී ඉපදුණු සැකකරු අ.පො.ස. සාමාන්‍ය පෙළ අසමත් වී තිබෙනවා. 2011දී විවාහ වී 2012දී අමෙරිකානු කඳවුරක නිලධාරින්ගේ නිල නිවෙසේ සුනඛයන් බැලීමට ගොස් තිබෙනවා. ඊජිප්තුවේ වසර 4ක් වීසා නැතිව සිට අමෙරිකානු ඩොලර් 450ක දඩයක් ගෙවමින් ඒ රටෙන් මෙරටට පිටුවහල් කර තිබෙනවා. කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් මෙරටට පැමිණි ඔහු විශේෂ අවසරයක් ලබාගෙන අමුත්තන් පැමිණීමේ පර්යන්තයෙන් පිටතට පැමිණ මල් මාල සහ සළු පලන්දවා රංගනයක් ක්‍රියාත්මක කරමින් රහතුන් 41ක් සිටින බවට දේශනයක් කර තිබෙනවා. ඉන් අනතුරුව තමයි කැලණිය විහාරස්ථානයට ගිහින් තිබෙන්නේ. එහිදී කිසිදු අවසරයක් ලබා නොගෙන තමයි මේ ප්‍රකාශ සිදු කර තිබෙන්නේ. එහිදී ඔහු බෞද්ධ මෙහෙණින් වහන්සේ නමක් ලවා වන්දනා කරගෙන තිබෙනවා. තවත් කාන්තාවන් ඔහුට වන්දනා කර තිබෙනවා. ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් ඇතුළු නාහිමිවරුන් පස් නමක් විසින් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. බුදු දහම ආරක්ෂා කිරීමට ගත යුතු පියවර ගන්නා ලෙස ඉන් ඉල්ලා තිබෙනවා. බෞද්ධ ඉගැන්වීම් විවේචනයට ලක් කරන මේ පුද්ගලයා සම්බන්ධයෙන් ගත යුතු පියවර ගැනීම රාජ්‍ය වගකීමක් ලෙස එහි පෙන්වාදී තිබෙනවා. මුදල් පාලනය කර තිබෙන්නේ නිලන්තිකා කරුණාරත්න කියන අයෙක්. ඇගෙන් ප්‍රකාශ ගත්තා. ලක්ෂ 15ක් පමණ වැය වූ බවට කියා තිබෙනවා. ඔහු කැලණියට ගමන් ගත් ලිමොසීන් කාරය කැලණිය පුද්ගලයකුගෙන් රුපියල් 25,000කට කුලියට ගත් කාර් රථයක්. මවුපියන්ගෙන් ප්‍රකාශ ලබා ගත්තා. පියා සහ සහෝදරියක් කියා තිබෙන්නේ ඔහු 2013 විදේශගත වූ බවයි. ඔහු සමඟ එදා සිට සම්බන්ධතාවක් නැති බව කියා තිබෙනවා. ඔහුට නිවුන් දරුවන් දෙදෙනකු සිටින බවටත් දන්වා තිබෙනවා. බිරිය සහ දරුවන් ඊජිප්තුවේ සිටින බවට කියා තිබෙනවා. මෙවැනිම කළුතරින් මතු වූ තවත් බුදු කෙනකුන් ගැන සඳහන් වෙනවා. මොවුන් මුදල් පසුපසයි හඹා යන්නේ. වහා පියවර ගත යුතුයි. සැකකරුගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු පිළිබඳ කොමසාරිස් ජනරාල් පේමසිරි රත්නායක, බෞද්ධ කේන්ද්‍රය, සිංහල රාවය සංවිධානය අගුළුගල්ලේ සිරි ජනානන්ද හිමියන් සහ බළන්ගොඩ කස්සප හිමියන්ගෙන් ලැබුණු පැමිණිලිවලට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසය මඟින් විමර්ශන ආරම්භ කළා.

මේ පුද්ගලයා විසින් යූටියුබ් නාලිකා 5ක් පවත්වාගෙන යනවා. ඒ ඔස්සේ සහ තම ෆේස්බුක් ගිණුම් ඔසසේ මේ දේශනා ප්‍රචාරය කර තිබෙනවා. දිගින් දිගටම නිවාසවලට යමින් මේ දේශනා සිදු කරන බවට තොරතුරු ලැබී තිබෙනවා. යූටියුබ් නාලිකා ඔස්සේ 180 දේශනා සහ 180 කෙටි දේශනා නමින් මේ දේශනා සිදු කර තිබෙනවා. බුදුන් වහන්සේට තිබූ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ හෑල්ලුවට ගනිමින් කතා කර තිබෙනවා.

ඔහුට සර්වඥ බලයක් තිබෙන බවත් කියා තිබෙනවා. එහෙත් අද ඔහු අධිකරණයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙක් සරණ ලබාගෙන තිබෙනවා. අධිකරණයේ පිහිට පතා තිබෙනවා. මේ පුද්ගලයාට විශාල මුදල් ප්‍රමාණයක් ලැබී තිබෙනවා. ඒ සම්බනධයෙන් විමර්ශන සිදු කරනවා. මිනිස්සුන් සූරා කමින් මොහු කටයුතු කර තිබෙන්නේ. යම් ආගමක් මතවාදයක් ඕනෑම කෙනකුට පවත්වාගෙන යා හැකියි. ඔහු මුදල් අල්ලන්නේ නැහැ කියමින් නිවෙසේ අමෙරිකානු ඩොලර් 110ක්, පවුම් 15ක් තිබී සොයාගෙන තිබෙනවා. බැංකු ගිණුම් 2ක් තිබෙනවා. අධිකරණ නියෝග ලබාගත් පසුවත් මොහුගේ චර්යාවේ වෙනසක් දකින්නට නැහැ. ඔහුට එරෙහිව පියවරක් ගත්තොත් රටට හෙණ ගහනව කියා තිබෙනවා. අත තිබ්බොත් රට විනාශ වන බව කියා තිබෙනවා. ඔහුගේ මානසික සෞඛ්‍ය පරීක්ෂා කළ යුතුයි. මනෝ වෛද්‍යවරයකුට යොමු කර මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවන්න. දීර්ඝ විමර්ශනයක් සිදු කරා. ප්‍රකාශ 10ක් ලබාගෙන තිබෙනවා. ඔහු සමඟ කටයුතු කරන පුද්ගලයන්ගෙන් ඔහුගේ විවිධ ක්‍රියාකාරකම් සම්බ්නධයෙන් ප්‍රකාශ ලබා ගනිමින් සිටිනවා. ඇප දීම සුදුසු නැහැ. එසේ වුවහොත් ප්‍රබල මහජන කැලඹීමක් සිදු වේවි. අධිකරණ නියෝගය හේතුවෙන් ඇතිව තිබූ කැලඹීම බොහෝ දුරට පහව ගියා. ඇප දීමට විරුද්ධයි.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා,

“ආගමික නායකයන්ට හානි වන අයුරින් මගේ සේවාදායකයා කිසිදු ප්‍රකාශයක් සිදු කර නැහැ. අද දේශපාලන සිවිල් ජාත්‍යන්තර සම්මුති පනත යටතේ නඩු දාන්නේ නැත්තේ ඇයි. නීතිපතිවරයා උපදෙස් දී තිබෙනවා එලෙස කටයුතු නොකරන ලෙසට. කිසිම ආගමික කැලඹීමක් නැහැ. බුදු වන සිතුවිලි මනසට ඕනෑම කෙනකුට එන්න පුළුවන්. මුදල් විශුද්ධිකරණය යටතේ චෝදනා ගොනු වී නැහැ. ඇප දිය හැකි වැරදි කර තිබෙන්නේ. සුදුසු ඕනෑම කොන්දේසියක් මත සැකකරු මුදා හරින්න.

මහේස්ත්‍රාත්වරයා,

අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය හරහා අවලෝකිතේශ්වර් බෝධිසත්ත්වයන් නමින් පෙනී සිටිමින් බුදු දහම විකෘති කරමින් විවිධ දේශනා පවත්වමින් බෞද්ධ ජනයා තුළ සිත් රිදවීම් ඇති කරමින් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළ බවට පැමිණිලි රාශියක් ලැබී තිබෙනවා. මහනාහිමිවරුන් ඇතුළු නාහිමිවරුන් පස් දෙනකු කරුණු දක්වා තිබෙනවා. සමාජ මාධ්‍යයේ වරින්වර උඩුගත කළ ප්‍රකාශ හේතුවෙන් සමාජයේ මතභේදකාරී තත්ත්වයක් ඇති වී තිබෙන බවට කරුණු දක්වා තිබෙනවා. මහනාහිමිවරුන් ඇතුළු නාහිමිවරුන් පස් නමක් ලිපියක් නිකුත් කර තිබෙනවා. සමාජයේ මේ පිළිබඳ පුළුල් කතාවක් ඇති වී තිබෙනවා. ජනමාධ්‍ය ඔස්සේ පුළුල් සාකච්ඡාවක් ඇති වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් සුළුකොට තැකිය නොහැකියි. මුදල් විශුද්ධිකරණය පරිගණක අපරාධ පනත ඇතුළු පනත් යටතේ තවදුරටත් විමර්ශන කරන බව කියා තිබෙනවා. එම ඇප දිය හැකි වැරදි ගණයේ ලා සලකන්න බැහැ. ඇප පනතේ 14-1 නොසලකා නියෝග නිකුත් කරන්න බැහැ.මේ සම්බන්ධයෙන් දෙපාර්ශ්වයම කරුණු දක්වන අවස්ථාවේ සැකකරු විත්ති කූඩුවේ සිට ඔහුගේ අංග චලනයෙන් කළ සංඥා අධිකරණය නිරීක්ෂණය කරා. ඒ තුළින් ඔහුට යම් මානසික ව්‍යාකූලතාවක් ඇති බවට නිරීක්ෂණය කරා. එලෙස සැකකරු ඇප මත මුදා හැරියහොත් යම් මහජන කැලඹීමක් ඇතිවිය හැකියි. සැකකරු ලබන 24 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කරමි. සැකකරු අංගොඩ මානසික විද්‍යායතනයට යොමු කොට ප්‍රතිකාර සඳහා යොමු කරන ලෙසත් ගොනු කරමි. ඊට අදාළ වාර්තාවක් ගොනු කරන ලෙස එහි අධ්‍යක්ෂවරයාට නියෝග කරමි.

සැකකරු සම්බන්ධයෙන් විමර්ශන කර ඉදිරි දින අධිකරණයට වාර්තා කරන්න යැයි ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

ජනවාරි මස 10 වැනිදා ලැබුණු පැමිණිලිවලට අනුව තාලිගල බරවාකුඹුර පදිංචි කොඩිතුවක්කු කංකානම්ලාගේ මහින්ද කොඩිතුවක්ක යන අය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බවත් 2006 අංක 5 දරන මුදල් විශුද්ධිකරණ පනත, 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහයේ 124 වගන්තිය හා සාක්ෂි ආඥා පනතේ (ඉ) (1) වගන්ති ප්‍රකාරව චෝදනා ගොනු කරනු ලබන බව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දර්ශිකා කුමාරි සහකාර පොලිස් අධිකාරි චන්දිමා යන නිලධාරින් ඇතුළු පිරිසක් පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටියහ.

 

-Dinamina

Social and Equity

මෙතෙක් සරම්ප එන්නත ලබානොගත් මාස 09 සිට අවුරුදු 15 දක්වා කණ්ඩායම සඳහා සරම්ප එන්නත ළඟම පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් ලබාගත හැකි බව සෞඛ්‍ය අමාත්‍යංශයේ මහජන සෞඛ්‍ය සේවා පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය එස්. එම්. ආර්නෝල්ඩ් මහතා පවසයි.

Social and Equity

දරුවන්ගේ ජීවිත ජයග්‍රහණය කිරීමට තිබෙන එකම මාර්ගය අධ්‍යාපනය බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අවධාරණය කළේය.

Social and Equity
  • ඉදිරි දශක කිහිපය තුළ ආයෝජනවල ප්‍රතිලාභ සියලු දෙනාට නිසැකවම හිමි වෙනවා.
  • දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා ගෝලීය ක්‍රියාමාර්ග වේගවත් කිරීමේ හදිසි අවශ්‍යතාවයක් මතුව තිබෙනවා.
  • කැපවීම්වලට වඩා ක්‍රියාමාර්ග අවම මට්ටමක පැවතීම කණගාටුවට කරුණක් – ජනපති ස්විස්ටර්ලන්ත හරිත තාක්ෂණ සංසදය අමතමින් අවධාරණය කරයි
Social and Equity

ව්‍යායාම කිරීමේදි දහඩිය දැමීම අනිවාර්යෙන්ම සිදුවන්න ඕන යැයි කීම දුර්මතයක් බව ව්‍යායාම සහ ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය චතුරංග රණසිංහ පවසයි.

Social and Equity

ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය ඉහළ නැංවීමේ අරමුණින් ක්‍රියාත්මක කරනු ලබන ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන - 2023 ඊයේ (16)  ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.

Social and Equity

අම්බුළුවාව ජෛව විවිධත්ව මධ්‍යස්ථානය, මහනුවර දිස්ත්‍රික්කයේ ආර්ථික කේන්ද්‍රස්ථානය බවට පත් කිරීමට සැලසුම් කරන බව අධිකරණ හා බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය නීතිඥ අනුරාධ ජයරත්න මහතා පැවසීය.

Social and Equity

අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ වැඩසටහන සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබූ විරෝධතා සහ අභියාචනා 640,000ක් සලකා බැලීමෙන් අනතුරුව ලක්ෂ 3ක පවුල් සංඛ්‍යාවක් අලුතින් අස්වැසුම ප්‍රතිලාභ සඳහා සුදුසුකම් ලබා ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පෙන්වා දෙයි. 

Social and Equity

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ, පරිසරය ස්වාභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් රත්නපුර දිස්ත්‍රික්කය Zero Plastic ආදර්ශ දිස්ත්‍රික්කයක් ලෙස නම්කිරීමට යෝජනා කර ඇත.

Social and Equity

යුක්තිය මෙහෙයුමෙන් තවත් සැකකරුවන් 877 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යංශය සදහන් කරයි.